Monday, October 15, 2012

සඳවතී..


නග්න ඌ කඳු මැදින්
අඩ නෙතින් බලන්නී
ඉරී ගිය ස්වේත සළු
ගෙන කඳුළු පිසින්නී
එකම එක ඉඟියකින්
කැඳවන්න මා
සඳවතී..


අසිත ගෑ සිතුවමක
සීත පිණි සිපගන්න
මුළු රැයම මගේ යැයි
සරදමට හිනැහෙන්න
තව එකම එක වරක්
කඳු යාය මැද ඉන්න..


දුර ඇදෙන්නට කලින්
මට තුරුල් වී හුන්න
සඳවතී ඇවිත් මේ
වළා පට ගෙන යන්න
හඬන්නේ මා නොවෙයි
රැහැයියනි පවසන්න..

No comments:

Post a Comment