Friday, November 9, 2012

~~ මිනිස් ~~



අසිපතක් ගෙන යුධ වදිනු ඇයි
කියන් සකි සඳ..
උපන්දා ලද ජාතියක් නැත
මිනිස් බව මිස..

පපු තුරට විස පොවා නුඹ හිස
ගිනි පුළිඟු අවුළුවේ කවුරුද
දෙපස මියැදෙන උන් ගනින්නට
අදහනා දෙවි වඩින්නේ නැත..

සියල් පසු කොට ලැබූ උස් මන
පුරන් වූ දහමකට යට කළ
දනන් හට අවි අවැසිමය හෙට
සිය සිරස සිය අතින් සිඳිනට..



-- සුකී..~~

No comments:

Post a Comment