Thursday, July 22, 2010

ප්‍රවේශය...!!!

ඕං ඉතිං මාත් මගේම කියල ඉඩමක් ගත්තා... හැබැයි අන්තර්ජාලෙන්... හිනා වෙන්න කාරණාවකුත් නෙවේ.. මොකද මගේම නොඋනට දියුණු වෙන තාක්ෂණයත් එක්ක අපේ මතය, හැඟීම, වින්දනය එලිදක්වන්න තැනක් ගන්න එක ගෙයක් දොරක් හදාගන්න ඉඩමක් ගන්නවට වඩා ගොඩාක් ලේසියි.
හැබැයි නිදහස සීමා කරන..., හිත ඇතුලේ එලියට පනින්න බලාගෙන ඉන්න හැඟීම්, මතවාද වලට වැටකොටු තියෙන සමාජ යුගයක ඒ කඩුල්ලෙන් එලියට යන්න පාරක් මේ Blog එකෙන් හැදෙයි කියලා මං විශ්වාස කරනවා..

කවුරු මොනව කිව්වත් මට නිදහස් චින්තනයක් තියෙනවා කියලා මං දන්නවා. නමුත් ඔය මොන දේත් අයිස්ටයින්ගේ සාපේක්ෂතා වාදයට යට නිසාම මගේ චින්තනයේ නිදහසත් සාපේක්ෂයි... ඒත් එකේ භවිතාව පුලුල් කියලා ඔප්පු කරන්න මට පුලුවන් වේවි(Blog එකේ අරමුණ ඒක නොඋනත්)...