Thursday, November 17, 2011

කණ්ණාඩිය ඉස්සරහට එන්න..!!!


මාගේ හෘද සාක්ශිය, ඔහු දෝහියෙක් ලෙස නොසලකයි. ඔහුව කියවීම දැඩිව කළ යුත්තේ දැන් බව මම දනිමි. ඔහුගේ හෘද සාක්ශිය තවමත් ඔහුට අවංක විය හැක. නමුත් අවංකත්වයේ හා වංකත්වයේ සීමාව ඔහුට සවිඥ්ඥාන නොවන තරම් දුරක සිටින ඔහු ගැන දැඩි අනුකම්පාවක් උපදින්නේ ඇත්තටම මා ඔහුට ආදරේ නිසාවෙනි. නැවතත් ඔහුගේ වදන් සිහියට නගමි...

...අපි අමාරුවෙන් සල්ලි හොයල, වතු වල වැඩ කරල ගහපු පොස්ටර් උඩින් උන් පොස්ටර් ගහනව. ඕක තමයි අපි කිව්වෙ මේක නිලධාරීවාදීන් ටිකක්ගෙ කුමන්ත්‍රණයක් කියල.. ඉල් එකේදි කිව්වලු අපි කොටි කියල. අපි කොටිද?? ආ තව අර මඩ පෝස්ටරයක් ගහල තියෙන්නේ 'ඔව් , මං කොටියෙක්' කියල. දැන් පේනව නේද කට්ටියගෙ වැඩ. ආ අර අහවල් සහෝදරය ඔක්කොම අහවල් කාර්යාලයේ ඔක්කොම පොත් ටික අරන් ගිහින් තියෙන්නේ.. ඒක එයගේ බූදලයද?? ඔන්න බලන්නකෝ නැන්දෙ ඉස්සරහට කවුද ඉස්සර වෙන්නේ කියල. හැබැයි එහෙම ආවොත් පස්ස ඊට වඩා නරක් වෙයි.. හරිද??..."
 
ඔහු සමග තර්ක කිරීමෙන් පලන් නොවිය හැක.. මන්ද ස්ව මතවාදය මා මත අරෝපණය කරන අතර මාද  එසේ කරතැයි යන හැඟීමෙන් ඔහු සංවාද කරයි. තව දුරටත් ඔහුට කිව හැක්කේ 
"සංසිද්දීන් පසෙක තබන්න. හැඟීම යනු බුද්ධියම ලෙස නොසලකා දේශපාලන සංවාදයක් කරන්න. මා සමග නොවේ, ඔබ සමග. අළුත් බිමක් ලෙස ඔබ දකින්නේත් නමුත් ඔබ නොකරන්නේත් එම සංවාදයයි..