Wednesday, March 9, 2011

තොඳොල් ආකාසෙ...


මහා අවකාශයට 
වියනක්ව හිඳ
ඉමක් නැතිව
ආඩම්බරයෙන්
සිනාසෙන..
නමුදු
චාම් සුදු
වලා පිළියෙන්
අපිළිවෙලට
හැඩ උනු
"අකාස" කෝමලී..
උරණ උනිද
කළ සරදමට
කාල වර්ණ
නෝක්කඩුවෙන්
විසල් හුස්මක්..!!
තොඳොල් කඳුළු
සලන අපූරුව..
"උඹ නම් හැබෑම ලස්සන කෙල්ලෙක්..!!"