Tuesday, December 21, 2010

මොරටුවේ වලියක්!! හැබැයි එකෙක්වත් හේතුව දන්නේ නෑ..

"මොරටු සරසවියේ දෙපිරිසක් අතර ගැටුමක්..!!!"
මාධ්‍ය වාර්තා කලා.. සිද්දිය අත්ත.. හොඳට කෙලගත්ත..

 "උදුල් ඊයෙ එලියට දැම්මනේ.. දැන් ඉතින් අයෙත් කෙලගන්නව.."
සමහර මාධ්‍ය (කඩේ යන ) වගේම නිවුස් සයිට් වල සමහර මෝඩ හැතිකරයක් එහෙම කමෙන්ට් කරලත් තිබ්බ..

කැම්පස් එක ඇතුලෙ ශිෂ්‍යයෙක් විදියටත් ගහගත්ත දෙපිරිසට සම්බන්ධ නැති නිසාත් සිද්හිය හොඳට දන්න නිසාත් කියන්නේ..

මෙතන් උදුල්වත් අන්තරේවත් වෙන මොන මලඉලව්වක් වත් සම්බන්ද නෑ.. අවුරුදු ගානක ඉඳන් එන මොරටුව සරසවියෙ ඉන්ජිනේරු සහ එන්.ඩී.ටී ජන්මාන්තර වෛරයේ ඇතිවන එක පිපිරීමක් විතරයි උනේ... මෙහෙම එව මෙහෙ ඕනෙ තරම් වෙන්ව...

හැබැයි ලස්සන කියන්නේ ගහ්ගන්න එවුන්වත් ගහගන්න හරිම හේතුව දන්නේ නෑ.. එනකොටම ගහන තෙලට අහුවෙලා ඉස්කෝලෙ එකට ඉගෙනගත්තු කොල්ලොම දෙපැත්තකට වෙලා ගහගන්නව..
. ඒක හරිම ග්‍රාමීයයි...
ලංකාවෙ එකම රැකියා වෙලඳ පොලකට තරඟ කරන දෙගොල්ලක්නේ මේ..
ඉතින් මෙයාල අත්දැකීමෙන් දන්නව රැකියා වෙලඳපොලේ හිතනව වගේ රැකියා නෑ(ලංකවෙ උසස් පෙළින් හොඳම එවුන් වෙලත්)..

ඒක ලංකාවෙ ක්‍රමයේ අර්බුදය කියල උන් දන්නේ නෑ..
ඇත්තටම වෙන්නෙ ඒක දැනගත්තත් ඒව යට වෙලා ප්‍රශ්නයේ ගොදුරු වෙලා ඉන්න උන් උන්ම කෙලගන්න විදියට උඩින් තෙලක් වදිනව..
මේක තමා ලොකුම අවුල..

Globalization කියයි.. Technology කියයි... හැබැයි මුන්ට, උන්ට වෙලා තියෙන දේ තේරුම් ගන්න බෑ..
ප්‍රශ්නයක් වෙලා සස්පෙන්ඩ් කලාම ඊට පස්සේ දේශපාලකයෝ පස්සේ දුව අවිදිනව.. මොන ලැජ්ජවක්ද??

අඩුම තරම සමස්ත ශිෂ්‍ය ප්‍රජාවෙම ප්‍රශ්නයක් වෙනුවෙන් පෙනී හිටපං...!! එතකොට අල..

තාමත් කල් තියෙනව... යකුනේ.. උඹලගෙ ඔය පන්නරය පාවිච්චි කරපං ප්‍රශ්නෙ තෙරුම්ගන්න.. විසඳන්න..
මේ කෙලගැනිල්ල තමා අල එකෙ හොඳම සංඛේතය..!! ඔහොම හිටියොත් උඹලට වෙන්නේ ගොඩේ අල හොද්දට වෙන දේම තමා,,!! දුකයි..!!

Sunday, November 7, 2010

රිසානා, සාප නොකරන්..!!!

පය තුඩත් ගෙවී
ගැලූ රුධිරය පිලුන් පුසුඹකි
හීනියට එන ඳුරු
කිරණ ඇය දෙස බැලුම් නොහෙලති
මිරිකෙමින් තනිකමින්
වැලිකතරෙ ඇගෙ සුසුම් මිල නැති
කඳුළු බර ෆර්දාව
වෙන්දේසියට දින නියම වී ඇති.....

අල්ලාහු අක්බාර්..!!!
සිර කවුලුවෙන් ඇසෙන මුත් නිති
මරණයට කැපැයි ඈ
වරද ඈ හට නිච්චියක් නැති....

සාප නොකරන ඇගේ හිත
සිතයි තාමත් ගෙදර යන සැටි
(අ )ශිෂ්ඨ මිනිසුන් වෙසෙන
ලොවම නිසලව බලා සිටිනා හැටි...


දරුවෙක්ය තවම ඈ
එවිට දහ අට පැනලවත් නැති
බුදු බණට අනුව නම්
ඒක දැරිවිගෙ කරුමෙ වෙන්නැති...

http://lankatruth.com/sin/index.php?option=com_content&view=article&id=3252%3A2009-07-30-08-05-18&catid=35%3A2008-10-13-08-30-14&Itemid=63

Thursday, October 7, 2010

"ධවලෝදර" තවම නිදි නැත....!!!

කලකට බොහෝ පෙර..
කොල්ලෙකි නමින් "ධවලෝදර"..

කෙලි දොලෙන්
සමගින් යහලුවන්
අකුරු කරමින්
ගුරුගෙදරින්...


ගුරු ගෙදර දෙපිලකි..
වමෙන් අසුන් ගන්නා
රොඩී දඟ කොල්ලන්ය..
අනෙක් පස ඉන්නා
ආරච්චි නිලමේ පුතුන්ය..
වමට අව සැළකිලි
කාසි නැති තව සුදු පිලි..

අවැඩ මේ නොඉවසූ..
ධවලෝදර කොලූ..
කෑ ගසා බුරමින්
ඉල්ලීය සමතැන්
වීරයෙකු මෙන්..

ඒ දුටු නෝනා වල්ව්වේ 
අත දී කොලුවාට මහත් සේ..
කඩේ යවමින්
සනසවා..
නොවේ පනණක් ධවලෝදර

කොඳු නැති වමේ ගැට්ටම...
තනතුරු පුදා
උන් සමග නිදා..

ගත වී බොහෝ කල්
නෝනාගේ ඇවෑමෙන්..
දෝණී සමග පෙමින්
ගම කරවීය..
ඉඳ හිට..
දුවන පනින වැස්සියකට
කරන්නට ගොස් අතවර..
ගම කෑවේය..

කලින් කල..
දකුණු පිල රුචි විය..
වාචාල (අධෝ) මුඛයට..
නිම් හිම් නැති විය..
දඬු කඳේ ලෑවේය..
වරෙක ලීවේය..
ඇදගෙනම නෑවේය..

කල් ගත වී
ගම වෙනස් වී..
වෙනස් ඌ වලව්වක
අමුතුම සිරියකි..
ආරච්චිලා නලුවෙකි..
අභිමන් පියෙකි..
නමින් "මහරජ"..

අපේ මේ කොලූ
නලවා ළඟට ගෙන රජූ...
පිදී මහ තනතුරූ..
උඹයි මැති "ගෙදර ගුරු"..

දණ ඔබා වැඳ
පසඟ පිහිටුවා..
මහරජතුමා හට
ගැත්තෙකු ලෙසින් නිවට..
ඇරඹීය වැඩ ගුරු ගෙදර
ගම කෑ අපේ ධවලෝදර..

සැලසුම පිට ගමෙන්
ගෙන ආ දකුණු පිලෙන්
දිග හැර 
සිනා සී 
උමතුවෙන්..
අඬබෙර ගැසී
"පොදු ඉපැරණි ගුරු ගෙදර
මදිය හොඳ නැත කරනට අකුර
හොඳ හොඳ පොෂ් ගෙවල් ගුරු
ඇරඹේ විසින් මුදලාලිලා මරු
විකුණනු ලැබේ ගුරු ගෙදර
ඈවරයි...!!! "

හුදී ගං ජනයා
කරකවා අත හැර
විසිපතව
මහරජගේ රඟින් උන්මාදව
දොඩති විහිලු
"ගුරු ගෙදර දඟ කලාට
කොල්ලන්ට හොඳ වැඩේ.."

ධවලෝදර බිහිසුනූ..
තලති කොල්ලන්ට විසිවෙන තරූ..
නමුදු 
නිදි වර්ජිතව
කල්පනාවක..
කෙලෙස කොපමණ
තව තලන්නද..
මුන් නැගිටීවි...

ගුරු ගෙදර නිසලය..
හුදී ජනයා නිදිය..

ගැටව් ඇහැරෙන තුරු...

ධවලෝදර තවම නිදි නැත....!!!

ඇගේ සොඳුරු මරණය..!!

වක් ඌ දෙබැමි යට
චණ්ඩ නෙත් අහිංසක
විචාරයි මාන..
පතමින්
ඇගේ මරණය
සොඳුරු..!!

තදින් අත් සිරකොට
ත්වරණ ධන රිණ රිද්මිත
සුසුම් ලන වේග..
විඳිමින්
හිතක් ඇති සේ
නපුරු..!!

කඳුලින් තෙත්ව
විලාප දෙමින්
ඇගේ ආයාචනය..
මරා දමන ලෙස
"ඈ"
පහර දී ඉක්මනින්
කෙලෙස දරන්නද
මලය මත
පහුරු..!!

එක් සිත්ව
එකඟ වෙමි
හිමිකරන්නට
"සොඳුරු මරණෙන්" මතු
"ඈට"
මගේ
ඉසුරු..!!

lලෙයින් තෙත්වන
නමුදු ඈ වත
වෙහෙසමින් මා
අයදිමින්..
ඇගේ මරණය
රුදුරු
නැති මුත්..
සොඳුරු..!!

දහ අටේ හෝරාව...!!

වේලාව 18.00 පැය පසුවී මිනිත්තු 2යි....
"තාම ලොකු කෙලී ගෙදර ආවෙ නෑනේ...කොච්චිය යන සද්දෙත් ඇහුනනේ....යුද්දෙ ඉවර නිසා බෝම්බ ගැන නම් බයක් නෑ...එත් ඇයි මේකි පරක්කු,,,!!!"
"පොඩි පුතේ පොඩ්ඩක් බලපං පාරට ගිහිල්ලා..."

"අක්ක එන්නේ නැතෑ අම්මේ...18 පාරක් ඕකට හීල්ලුව කියල මොකෝ කෝච්චිය ගේ ලඟට ගෙනත් ඇරලනවද???"

"එහෙම නෙවෙයි බං...කෙල්ලට 18 පැන්නට පස්සෙ මට බයයි යකෝ.."

Thursday, July 22, 2010

ප්‍රවේශය...!!!

ඕං ඉතිං මාත් මගේම කියල ඉඩමක් ගත්තා... හැබැයි අන්තර්ජාලෙන්... හිනා වෙන්න කාරණාවකුත් නෙවේ.. මොකද මගේම නොඋනට දියුණු වෙන තාක්ෂණයත් එක්ක අපේ මතය, හැඟීම, වින්දනය එලිදක්වන්න තැනක් ගන්න එක ගෙයක් දොරක් හදාගන්න ඉඩමක් ගන්නවට වඩා ගොඩාක් ලේසියි.
හැබැයි නිදහස සීමා කරන..., හිත ඇතුලේ එලියට පනින්න බලාගෙන ඉන්න හැඟීම්, මතවාද වලට වැටකොටු තියෙන සමාජ යුගයක ඒ කඩුල්ලෙන් එලියට යන්න පාරක් මේ Blog එකෙන් හැදෙයි කියලා මං විශ්වාස කරනවා..

කවුරු මොනව කිව්වත් මට නිදහස් චින්තනයක් තියෙනවා කියලා මං දන්නවා. නමුත් ඔය මොන දේත් අයිස්ටයින්ගේ සාපේක්ෂතා වාදයට යට නිසාම මගේ චින්තනයේ නිදහසත් සාපේක්ෂයි... ඒත් එකේ භවිතාව පුලුල් කියලා ඔප්පු කරන්න මට පුලුවන් වේවි(Blog එකේ අරමුණ ඒක නොඋනත්)...