Friday, July 22, 2011

"අනාථ නාථ .. සිල්වා"


නවීන විද්‍යාව/ අපේ විද්‍යාව කියා හෝ බටහිර විද්‍යාව/ අපරදිග විද්‍යාව කියා හෝ වර්ග කරන්නේ කෙසේද?? දැනුම එසේ වර්ග කළ හැකිද?? විද්‍යාව යනු මිනිසාගේ දැනුම සංවිධානය කරන විශය වේ. එය නිරතුරුව දියුණු වේ(unremittingly updating). නව දැනුම නිරන්තරයෙන් පෞරාණික දැනුමට ඉහළින් නැගී සිටියි. ඒ දෙවි කෙනෙකුනි හෝ අදෘශ්‍යමාන බලවේගයක් නිසා නොව මිනිසාගේ භාවිතය විසින් නව දැනුම නිපදවන හෙයිනි. පරිණාමීය ක්‍රියවලියේ මිනිසා නැමැති අති සුන්දර හා වඩාත්ම ස්ථායී සත්ත්වයා නිර්මාණය වන්නේ මා පෙර සඳහන් කළ දැනුම හා භවිතය යන නොනවතින චක්‍රය නිසා නොවේ යැයි, කාට හෝ ඔප්පු කළ හැකි නම් නාථ නොව, ඕනෑම දෙවියෙකු පිළිබඳව අපට තර්ක කළ හැකි වෙයි.

මිනිසා ලෝකය තුළ සියවස් ගණනක් පසු කොට අද වන විට සපේක්ෂව සංවර්ධනාත්මක අවධියක පසු වේ. නමුදු එය සර්ව සම්පූර්ණ නැත. කිසිවිටෙක කිසිවෙකුටත් යම් කිසි අවධියක්/ විද්‍යාවක් / දැනුමක් සංවර්ධනාත්මකව අග්‍ර ඵලයකට පැමිණ ඇතැයි පැවසිය නොහැක. මන්ද කාලයත්(භාවිතය ) සමග ඒ සියල්ල ප්‍රසාරිතව ගමන් ගන්න බැවිනි. නමුත් නව දැනුම බිහි වන්නේ පෞරාණික දැනුම භාවිතය තුළින් වීමත්, මිනිසුන් සංසිද්ධීන් පැහැදිළි කිරීම හා පොදු න්‍යායික කරුණු, පරීක්ෂණ - නිරීක්ෂණ - නිගමන තුළින් තහවුරු කිරීමත්, එම දැනුම සමාජගත කර ඉදිරියට රැගෙන යාමත් තුළ සමාජ සංවර්ධනාත්මක පැවැත්මක් පවතින බව කාටත් පිළිගත හැකි සත්‍යයකි. එම දැනුම සමාජ ගත කිරීමේදී එය විවිද විද්‍යාවන් ලෙස නිරූපණය වේ. 

මා ඉහතින් සඳහන් කළ සංවර්ධනාත්මක ගමන, විවිද සංස්කෘතීන් හා ජන කොට්ඨාශ අනුව වෙනස් කම් ඇති විය හකි උවද අද වන විට "දැනුම" යනු විශ්වීයගත නොවී, භේද වූ ජන කොට්ඨාශයන් වෙන වෙනම පරිහරණය කරන මෙවලමක්ද..? නැත. දනුම යනු හුවමාරු වන ප්‍රපංචයකි. එසේ නම් දැනුමට පුද්ගල අයිතිවාසිකම් හෝ වෙන් කරන ලද නම් තිබිය හැකිද? අපේ දැනුම, බටහිර දනුම, සාම්ප්‍රදායික දැනුම... මේ පිළිබඳව හඬ නගන්නන් ප්‍රාග් ඓතිහාසික යුගයට තල්ලු කර යැවිය යුතුය. නලින්ද  සිලවා ද එවැන්නෙන් බව ඉඳුරාම කිව යුතුය. 


බුද්ධිමතුන් යැයි කියා ගන්නා මොවුන් සමාජ කාර්‍යභාරයක් ඉටු නොකරති. පුද්ගල ප්‍රතිරූප ලෙස සමාජයේ වැජඹීමට ඉතා අශාවෙන් බොරු දොඩති. මොවුන්ට තවමත් මිත්‍යා මත වලින් හැලවීමට නොහැකි වීද.., නැතහොත් හිතාමතාම සමාජය නොමග යවන කාර්‍යයක නියලී ඩිටීද යත්ද සොයා බැලීම වටී. මොවුන්ගේ තර්ක සිනා උපවදවන සුළුය. නාථ දෙවියෙක් ආරූඩ කරගත් ආසනික් තර්කය රූපවාහිනී ප්‍රවෘත්ති වල නිවේදනය වන විට අපේ ආත්තම්මා පමනක් සිනා නොවී "සාදු සාදු" යැයි කියන්නීය.


ප්‍රශ්නය ඇතිවන්නේ රටේ පිළිගත් රසායන විද්‍යා මහාචාර්‍යවරු සහ පිළිගත් ආයතන පසුව පරීෂණ කර සහල් වල ආසනික් නොමැති බව පැවසූ විට මොවුන් එම මහාචාර්‍ය වරුන්ට එළව එළවා පහර දෙමින් ඔවුන් බටහිර කුමණ්ත්‍රණකරුවන් සේ හැඳින්වීමයි. ඒම් ආසනික් ප්‍රශ්නය පසුව වකුගඩු ප්‍රශිනයක් කර අනාගත් නලින්ද සිල්වා ප්‍රමුඛ මිත්‍යා දෘශ්ඨික නඩයට අත්ව ඇති ඉරණම, පසිගිය සති කිහිපයක  දිවයින පුවත්පත කියවූයේනම් සිතා ගත හැක


ඇත්තෙන්ම නලින්ද සිල්ව ලා රටකට නොව මිනිස් සංහතියටම අනතුරුදායක චරිත වේ. ජාතිවාදී හැඟීම වලින් හා "තමන් පොර" යැයි සිතාගෙන කරන වැඩ මානසික රෝගියෙකුට විනා රජයේ පිළිගත් විශ්ව විද්‍යාලයක පීඨාධීපති කෙනෙකුට කොහෙතම නොගැලපේ..