Monday, December 12, 2011

මැදිවියේ දිරිය...


නිරීක්ෂණය:-


සෙනග බෝ නැත
දෙපෙළ හිටුවා බසේ
හුදකලා එක තැනක
කෙල්ලෙකී හරි විසේ


ආශාව මැඩ දැමූ
ලැජ්ජාව හරි උසේ
ළංවෙන්න දිරිය නැත
කොල්ලන්ට දහ අටේ


එක්වරම ගොඩවැදුනු
විය පැසුණු ඒ ඇසේ
කුරුමාණ නැවතුනේ
නාම්බිය සිටි දෙසේ


නීවරණ පසෙක ලා
දිරිය ගෙන හරි තොසේ
ඇදිණි ඇගෙ පිටුපසට
පාරමී පුරන සේ..


නිගමනය :-


හැඩි දැඩි පිරිමි
මැදි වයසේ
පරිණතය වීර
දිරිමත්ය බෝසේ..

Saturday, December 10, 2011

භූතයෝ.., ප්‍රේත කපුටෝ.. සහ "පණු" අපි..!!!


"චූටි මැණික.., චූටි මැණික...., අනේ පුතේ බලන්නකෝ අර චූටි මණික හීතලයි කියල එලියෙ කෑගහනවා.." 
යනුවෙන් සීයා කෑ ගසයි.. සීයාට දැන් 86කි. 
චූටි මැණික යනු අපේ නංගාය.. ඇය ගෙතුල පාඩමේ නිරත වන්නීය. එළියේ හඬන ළදරුවෙකු හඬට සීයා කෑ ගසයි. 


සීයාට වයසය. එබැවින් ශාරීරිකව දුබලව ඇත(ඇවිදීමටද අසිරුය ). කල්පනා ශක්තියද (සිහිය ) දුබල වී ඇත. ශාරීරික ශක්තිය පොහොසත් කල සීයාගේ කල්පනා ශක්තියේද අඩුවක් නොතිබිණි. ඔහුගේ මනස ඔහුගේ භෞතික ශරීරයද සමග වියැකී යන අයුරු සියැසින් දුටු මා හට දුක් වනවාට වැඩියෙන් සිතීමට කාරණයක් ඇත. 


මනස නැතහොත් මිනිස් විඥ්ඥානයට ශරීරයෙන් තොර පැවැත්මක් ඇත්නම්, සීයා වයසය යන කල ඔහුගේ ශරීරයත් සමග විඥ්ඥානයද දුබල මෙන්ම රෝගී වූයේ ඇයි..??


සීයාගේ විඥ්ඥනය ඔහුගේ මරණයින් මතුවටත් පවතී නම් හා එය සංසාරික චක්‍රයක් ඔස්සේ දුව යයි නම් ඒ සඳහ ඔහුගේ විඥ්ඥානය ශක්තිමත්ව පැවතිය යුතු නොවේද??


විද්‍යාවෙන් මා උගත්තේ නම්, මොළය නම් භෞතික අවයවයේ ක්‍රියාකාරිත්වයෙන් මිනිස් මනස හෙවත් විඥ්ඥානය හට ගන්නා බවයි. එහිදී හේතුව හෙවත් ප්‍රථමිකය වන හෞතික මස්තිශ්කයේ ක්‍රියාව නැවතුනු කල ඵලය හෙවත් ද්විතීකය වන විඥ්ඥානය ද මිය යා යුතු බවයි. 


මෙහිදී මා විද්‍යාව ලෙස සඳහන් කරන්නේ පෙරදිග හෝ අපරදිග විද්‍යාවක් නම් වූ හුදකලාවක් නැන නොවේ. මා දන්න අයුරු නම් විද්‍යාව වනාහී, සමස්ත ඉතිහාසය තුළ මේ පෘථිවිය මත විසිරී තිබූ මිනිස් ශ්‍රමය විසින් උකහා ගත් දැනුමේ විකාශනයේ මේ මොහොතේ ප්‍රතිඵලයයි. ඊ තුල යුරෝපීය, ඇමෙරිකා, චීන, ඉන්දියා පමණක් නොව බලංගොඩ මානවයගේ ශ්‍රමික වටිනාකම නොවෙනස්ව පවතී. එනිසාම පෙරදිග, අපරදිග හෝ වෙනත් භූ විද්‍යාත්මක අකාරයකින්  ලෙස විද්‍යාව වර්ග කිරීම මිත්‍යාවකි. එසේ පැවතීමට නම් ඉතිහාසය තුළ මානව සමාජ  සන්නිවේදනයක් නොතිබුණිද?? හෘද සාක්ශියට වංක නොවී සිතා බැලුවහොත් මෙය ඔබට මෙය වටහා ගැනීම අසීරු නොවනු ඇත.


"අප පෙරදිගය. අපට අපේම කියා උරුම වූ පෙරදිග විද්‍යාවක් ඇත. බටහිරෙහි හිර නොවී  අපේ ආධ්‍යාත්මය ගැන විශ්වාසය තබන්න.. අපේ විද්‍යාවන් අපට උරුම ඒ උතුම් ආධ්‍යාතිමීය විශ්වීය  ශක්තියන් තුළ ගොඩ නැගී ඇත. "


විශව විද්‍යාලයක මහාචාර්ය වරයෙක් උව ඉහත ප්‍රකාශය කළ හොත් පුදුම නොවන්න. ඔහු හා දැන් ඔහුගේ දරුවන් උව සත්‍ය වශයෙන් අවංකව ඉහත සඳහන් ආධ්‍යාත්මික මාර්ගායක නැත. පෘතුවියේ සෑම මිනිසෙක්ටම ඇති පරිද්දෙන්ම ඔහුටද හිමි දෙශපාලන භූමිකාව ලෙස ඔහුගේ එම ක්‍රියා කලාපයන් හඳුනා ගත් විට මාගේ විඥ්ඥානයට ඔහුගේ එම චර්යාව අර්ථකතනය කළ හැක. අප සැමටම සමාජීය/ සංස්කෘතික ආධ්‍යාත්මයන් උරුමව ඇත. එයද ඒ ඒ සමාජයේ/ සංස්කෘතියේ නිශ්පාදන ශ්‍රමික ඉතිහාසයේ නිර්මිතයක් නොවන්නේද?


කෙනෙකුට මේ හා සංවාද(අවංකව ) කළ හැක. එය ඉතා සංවර්ධනීය වේ. නැතහොත් තමන්ගේම වූ දේවාලයක් තුළට වී දෙවියන්ට ආ වඩමින් නැටිය හැක. එය පලක් නැති මෝඩ ක්‍රියාවක් ලෙස ඉවත දැමුවායැයි සිතමු. නමුත් හිතාමතා මිනිසුන්ගේ හිස්(විඥ්ඥානය ) මත දේවාල පනවා මුලා කර සමාජ සංවර්ධන දිශානතියට(ඓතිහාසික මිනිස් ශ්‍රම ක්‍රියාවලියක් තුළින් සමාජය ඉදිරියට ගමන් කරමින් ඇත. එහි දිශාව අවංකව සොයන්නෙකුට නිතැතින්ම හමු වනු ඇත ) විලෝමව ක්‍රියාකරන්නන් යනු  විශාලම සමාජ විෂබීජය වේ. ඔවුන්ගේම වදන් වලින් කියත හොත් ඔවුන් "භූතයන්" ය.


භූතයන්ගේ ප්‍රතිරාවයන් පසෙක ලීමට තවත් ප්‍රමාද විය යුතු නැත. තාක්ෂණය හා විද්‍යාව අතින් අති මහත් සංවර්ධනයක්(සාපේක්ෂව ) උරුම කරගෙන ඇති යුගයක අපි ජීවත් වෙමු. දැනුම ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව ප්‍රසාරිතව ඇත. ඒ අනුව මිනිස් ශ්‍රමයේ වටිනාකමද ඉහල ගොස් වැඩ පහසු කරන හා කාලය අදික ලෙස ඉතිරි වන තත්වයක් පැවතිය යුතුය. නමුත් අපි තවමත් ඉතා විශාල ලෙස ශ්‍රමය වගුරවමින් ජීවත් වීම උදෙසා දඟලන පණුවන් මෙන් කුණු වලක සිරවී සිටිමු. මිනිස්කම්, සාධාරණත්වය, යුක්තිය පමනක් නොව අප්ගේ ජීවිත වල වටිනාකම්ද හීන වී සීඝ්‍රයෙන් අලෙවි වෙමින් පවතී. අති මහත් සමස්තය වූ අප්ගේ "පණු" සමාජයේ උරුමයන් හා වටිනාකම් "ප්‍රේත කපුටන්" කිහිප දෙනෙකු විසින් බුදුමින් සිටී. "ප්‍රේතයෝ" යන නම එම කපුටන්ට හොඳින්ම ගැලපේ. 


භූතයෝත් ප්‍රේතයෝත් නෑදෑයෝ වෙති. භූතයන්ගේ පැවැත්ම ප්‍රේතයන් උදෙසාය. පණු වලේ සිටින ඔබ භූත වන්දනා කරමින් ප්‍රේතයන්ට අලෙවි වීම පණු කමට උව නිගාවක් ලෙස නොසිතන්නේද??


වඩා නිවැරිදිම දේ භූතයන් පලවා හැර, සමස්ත "පණු" සමාජය වෙනුවෙන් කපුටන්ට එරෙහිව නැගී සිටීම නොවේද..?? 


නමුත් ඔබ දැන් කරන්නේ කුමක්ද???

Thursday, November 17, 2011

කණ්ණාඩිය ඉස්සරහට එන්න..!!!


මාගේ හෘද සාක්ශිය, ඔහු දෝහියෙක් ලෙස නොසලකයි. ඔහුව කියවීම දැඩිව කළ යුත්තේ දැන් බව මම දනිමි. ඔහුගේ හෘද සාක්ශිය තවමත් ඔහුට අවංක විය හැක. නමුත් අවංකත්වයේ හා වංකත්වයේ සීමාව ඔහුට සවිඥ්ඥාන නොවන තරම් දුරක සිටින ඔහු ගැන දැඩි අනුකම්පාවක් උපදින්නේ ඇත්තටම මා ඔහුට ආදරේ නිසාවෙනි. නැවතත් ඔහුගේ වදන් සිහියට නගමි...

...අපි අමාරුවෙන් සල්ලි හොයල, වතු වල වැඩ කරල ගහපු පොස්ටර් උඩින් උන් පොස්ටර් ගහනව. ඕක තමයි අපි කිව්වෙ මේක නිලධාරීවාදීන් ටිකක්ගෙ කුමන්ත්‍රණයක් කියල.. ඉල් එකේදි කිව්වලු අපි කොටි කියල. අපි කොටිද?? ආ තව අර මඩ පෝස්ටරයක් ගහල තියෙන්නේ 'ඔව් , මං කොටියෙක්' කියල. දැන් පේනව නේද කට්ටියගෙ වැඩ. ආ අර අහවල් සහෝදරය ඔක්කොම අහවල් කාර්යාලයේ ඔක්කොම පොත් ටික අරන් ගිහින් තියෙන්නේ.. ඒක එයගේ බූදලයද?? ඔන්න බලන්නකෝ නැන්දෙ ඉස්සරහට කවුද ඉස්සර වෙන්නේ කියල. හැබැයි එහෙම ආවොත් පස්ස ඊට වඩා නරක් වෙයි.. හරිද??..."
 
ඔහු සමග තර්ක කිරීමෙන් පලන් නොවිය හැක.. මන්ද ස්ව මතවාදය මා මත අරෝපණය කරන අතර මාද  එසේ කරතැයි යන හැඟීමෙන් ඔහු සංවාද කරයි. තව දුරටත් ඔහුට කිව හැක්කේ 
"සංසිද්දීන් පසෙක තබන්න. හැඟීම යනු බුද්ධියම ලෙස නොසලකා දේශපාලන සංවාදයක් කරන්න. මා සමග නොවේ, ඔබ සමග. අළුත් බිමක් ලෙස ඔබ දකින්නේත් නමුත් ඔබ නොකරන්නේත් එම සංවාදයයි..

Friday, July 22, 2011

"අනාථ නාථ .. සිල්වා"


නවීන විද්‍යාව/ අපේ විද්‍යාව කියා හෝ බටහිර විද්‍යාව/ අපරදිග විද්‍යාව කියා හෝ වර්ග කරන්නේ කෙසේද?? දැනුම එසේ වර්ග කළ හැකිද?? විද්‍යාව යනු මිනිසාගේ දැනුම සංවිධානය කරන විශය වේ. එය නිරතුරුව දියුණු වේ(unremittingly updating). නව දැනුම නිරන්තරයෙන් පෞරාණික දැනුමට ඉහළින් නැගී සිටියි. ඒ දෙවි කෙනෙකුනි හෝ අදෘශ්‍යමාන බලවේගයක් නිසා නොව මිනිසාගේ භාවිතය විසින් නව දැනුම නිපදවන හෙයිනි. පරිණාමීය ක්‍රියවලියේ මිනිසා නැමැති අති සුන්දර හා වඩාත්ම ස්ථායී සත්ත්වයා නිර්මාණය වන්නේ මා පෙර සඳහන් කළ දැනුම හා භවිතය යන නොනවතින චක්‍රය නිසා නොවේ යැයි, කාට හෝ ඔප්පු කළ හැකි නම් නාථ නොව, ඕනෑම දෙවියෙකු පිළිබඳව අපට තර්ක කළ හැකි වෙයි.

මිනිසා ලෝකය තුළ සියවස් ගණනක් පසු කොට අද වන විට සපේක්ෂව සංවර්ධනාත්මක අවධියක පසු වේ. නමුදු එය සර්ව සම්පූර්ණ නැත. කිසිවිටෙක කිසිවෙකුටත් යම් කිසි අවධියක්/ විද්‍යාවක් / දැනුමක් සංවර්ධනාත්මකව අග්‍ර ඵලයකට පැමිණ ඇතැයි පැවසිය නොහැක. මන්ද කාලයත්(භාවිතය ) සමග ඒ සියල්ල ප්‍රසාරිතව ගමන් ගන්න බැවිනි. නමුත් නව දැනුම බිහි වන්නේ පෞරාණික දැනුම භාවිතය තුළින් වීමත්, මිනිසුන් සංසිද්ධීන් පැහැදිළි කිරීම හා පොදු න්‍යායික කරුණු, පරීක්ෂණ - නිරීක්ෂණ - නිගමන තුළින් තහවුරු කිරීමත්, එම දැනුම සමාජගත කර ඉදිරියට රැගෙන යාමත් තුළ සමාජ සංවර්ධනාත්මක පැවැත්මක් පවතින බව කාටත් පිළිගත හැකි සත්‍යයකි. එම දැනුම සමාජ ගත කිරීමේදී එය විවිද විද්‍යාවන් ලෙස නිරූපණය වේ. 

මා ඉහතින් සඳහන් කළ සංවර්ධනාත්මක ගමන, විවිද සංස්කෘතීන් හා ජන කොට්ඨාශ අනුව වෙනස් කම් ඇති විය හකි උවද අද වන විට "දැනුම" යනු විශ්වීයගත නොවී, භේද වූ ජන කොට්ඨාශයන් වෙන වෙනම පරිහරණය කරන මෙවලමක්ද..? නැත. දනුම යනු හුවමාරු වන ප්‍රපංචයකි. එසේ නම් දැනුමට පුද්ගල අයිතිවාසිකම් හෝ වෙන් කරන ලද නම් තිබිය හැකිද? අපේ දැනුම, බටහිර දනුම, සාම්ප්‍රදායික දැනුම... මේ පිළිබඳව හඬ නගන්නන් ප්‍රාග් ඓතිහාසික යුගයට තල්ලු කර යැවිය යුතුය. නලින්ද  සිලවා ද එවැන්නෙන් බව ඉඳුරාම කිව යුතුය. 


බුද්ධිමතුන් යැයි කියා ගන්නා මොවුන් සමාජ කාර්‍යභාරයක් ඉටු නොකරති. පුද්ගල ප්‍රතිරූප ලෙස සමාජයේ වැජඹීමට ඉතා අශාවෙන් බොරු දොඩති. මොවුන්ට තවමත් මිත්‍යා මත වලින් හැලවීමට නොහැකි වීද.., නැතහොත් හිතාමතාම සමාජය නොමග යවන කාර්‍යයක නියලී ඩිටීද යත්ද සොයා බැලීම වටී. මොවුන්ගේ තර්ක සිනා උපවදවන සුළුය. නාථ දෙවියෙක් ආරූඩ කරගත් ආසනික් තර්කය රූපවාහිනී ප්‍රවෘත්ති වල නිවේදනය වන විට අපේ ආත්තම්මා පමනක් සිනා නොවී "සාදු සාදු" යැයි කියන්නීය.


ප්‍රශ්නය ඇතිවන්නේ රටේ පිළිගත් රසායන විද්‍යා මහාචාර්‍යවරු සහ පිළිගත් ආයතන පසුව පරීෂණ කර සහල් වල ආසනික් නොමැති බව පැවසූ විට මොවුන් එම මහාචාර්‍ය වරුන්ට එළව එළවා පහර දෙමින් ඔවුන් බටහිර කුමණ්ත්‍රණකරුවන් සේ හැඳින්වීමයි. ඒම් ආසනික් ප්‍රශ්නය පසුව වකුගඩු ප්‍රශිනයක් කර අනාගත් නලින්ද සිල්වා ප්‍රමුඛ මිත්‍යා දෘශ්ඨික නඩයට අත්ව ඇති ඉරණම, පසිගිය සති කිහිපයක  දිවයින පුවත්පත කියවූයේනම් සිතා ගත හැක


ඇත්තෙන්ම නලින්ද සිල්ව ලා රටකට නොව මිනිස් සංහතියටම අනතුරුදායක චරිත වේ. ජාතිවාදී හැඟීම වලින් හා "තමන් පොර" යැයි සිතාගෙන කරන වැඩ මානසික රෝගියෙකුට විනා රජයේ පිළිගත් විශ්ව විද්‍යාලයක පීඨාධීපති කෙනෙකුට කොහෙතම නොගැලපේ..

Friday, June 3, 2011

නොලීවෙමි.., ලියවුනී ...


කඳුළු කැටයක
අරුත පසිඳන
මුණුපුරෙකු ලෙස
ඔබේ අබියස..

මහමෙරක් උව
රද නොසලකන
නිහඬ ඔබ දෙස
නෙත් යොමාගෙන..

දොහොත වට බැඳ
නිතර හිස සිප
මද සිනාවෙන්
මුව සරසාන
"පුතේ පරිස්සමින්.."
කාසියක් මා අත
මිට මොළවමින්..


අප වැඩෙන විට,
විරූහනයෙන්
සිත් පිනාගෙන..
අඩක් නිමැවූ
ආශංසනත් ගෙන
ධවල වතකින්
තවම නිහඬව..
එහෙත්
ආච්චී..
තවම ආදරයෙන්...
දැනේ එය මතු
නොලැබෙන නිසාවෙන්...


--සුකී (sha)--

Wednesday, March 9, 2011

තොඳොල් ආකාසෙ...


මහා අවකාශයට 
වියනක්ව හිඳ
ඉමක් නැතිව
ආඩම්බරයෙන්
සිනාසෙන..
නමුදු
චාම් සුදු
වලා පිළියෙන්
අපිළිවෙලට
හැඩ උනු
"අකාස" කෝමලී..
උරණ උනිද
කළ සරදමට
කාල වර්ණ
නෝක්කඩුවෙන්
විසල් හුස්මක්..!!
තොඳොල් කඳුළු
සලන අපූරුව..
"උඹ නම් හැබෑම ලස්සන කෙල්ලෙක්..!!"

Monday, February 14, 2011

වැලන්ටයින් ...


පැණි හැලෙන රිවි කිරණ
අරුණ සමගින් පැමිණ
වැඩ මුරය නිමාවෙන්
නික්ම යන සඳවතිට
ආල පෑ හැටි දුටිමි...


වීසි දැල මත නිදා
විසිපතව තටු විදා
ආකාස අරක් ගත්
පිළිහුඩුවි ඇස ගැටුණු
මින් රැළක නාම්බෙක්
මුසපත්ව ප්‍රේමයෙන්
ප්‍රීතියෙන් සිවුරුහන්
හා ආල ඇසි පියන්
ගැසී රැඩිකල් සිතින්...
අතින් ගත් කෑනයක්
කුණු වැකුණු වතින් උව
ලයිමෙ වැසිකිළිය ළඟ
නිදිමතින් කබ කඩන
සීතලෙන් හෙමබත්ව
"සඳවතී" දිටු "විමලෙ"
හංගගත් "තෝඩු දෙක"
ඈ අතම රන්දවා
සිනාසී දුර ඇදෙයි
දුම්බටය බොනු පිණිස
හීල් බත එපා වී...


~සුකී..(sha)~~

Saturday, January 29, 2011

පරාග නැති මල්..


අභිමන් නළු රජ
සමගින් කඩේ යන
ගැති මාධ්‍ය නඩ
එක්කලා හුදී ජන

ශ්‍රීමත් අපේ රට
පොල් ගියත් හැට පහට
වැඩක් නැති කිසිවකට
ගඟකි පෙණ පිඬු නොනගින

ලෝ අග සංස්කෘතිය
කියමින් උදම් අනමින
රජු ළඟ දනින් වැටෙමින
දෙන දේ කකා හිටපිය

සිදුහත් කුමරු ආවොත්
දාහක් නිමිති මෙහි වෙත්
බැරි වෙලාවොත් දුටුවොත්
සිනා සිසීම බුදු වෙත්

දහමින් හික්මවා හදන
පරපුරම තැන්පත්ය මොටය
රැඩිකල් වීම අකැප
පරාග නොමැති මල...

Monday, January 24, 2011

රැඩිකල් නොවන උමතුව..!!!


සීතල කොපුලට
උණුහුම් දෙන්නට
වසින හාදු වැහි
කොපුල් පමණකින්
නොනවතිනා කළ..

සිහින මිහිදුමෙන්
ඈ වත දැකුමට
සිතා සිටින රෑ
නිරුවත් ඇගෙ වත
කීකරු නෑ මට..

කිතුනු බුද්ධ උව
සංස්කෘතිය තව
චාර ධර්ම දත්
මිනිසෙකු වෙමි මම
නිදහස නැති ඌ...

"කව ට බසක් ඇත"
"මොන බොරු පිස්සුද"
"මේක උතුම් රට"
"මගෙ කට කුමටද"
බඩු මිල අහසට

සුළු ධනේෂ්වර
මධ්‍ය පාන්තික
ලිංගිකත්වයම
රැඩිකල් වේවිද?
අලෙවි කිරිය හැකි

ක්‍රමය වෙනස් කර
නව ලොව නගමුද
උපාධියක් ගෙන
රැකියාවක හිඳ
මගෙ කෙල්ලත් බැඳ..??..!!!


"සිත එක්ලස් කර
එකක් සිතාපං"
"මුකුත් නොසිත උඹ
පාඩුවෙ හිටපං"
එතකොට හරිය..???

--සුකී..--



Saturday, January 8, 2011

"අඩෝ.. කැම්පස් ගියාට තොපිට වැඩක් කරගන්න පුළුවන්ද?? "

සුපුරුදු පරිදි අන්තර්ජාලය ඇතුලු වී විවිධ මානයන්හි සැරිසරන කල www.gossiplankanews.com හි, නුහුරු නොවුනත් ලංකාවේ අලුත් Mr. Been කෙනෙක්ගේ අලුත් කතාවක් පිළිබඳ වාර්තාවක් දුටුවෙමි.. (http://www.gossiplankanews.com/2010/12/sbs-underwear-strategy.html)

අහි මාතෘකාව :  එස්. බී ගේ අන්ඩර්වෙයාර් උපාය මාර්ගය..

එහි එස්. බී ගරු ඇමතිතුමාගේ කතාව මෙසේ වාර්තාකර තිබිණි..

"  
අද ළමයි ප්‍රචණ්ඩ වෙලා බයනැතිව ඉන්න පුලුවන් කියල හිතනව.. දෙහිවඩ්ල උසස් තාක්ෂණ ආයතනයේ ශිෂ්‍යයෝඅ අවිල්ල අධ්‍යක්ෂාවරයව එළියට එළවල නිළ නිවස අල්ල ගත්ත. මම ළමයින්ව එලෙව්ව විනාඩි 4න්  අපෙ හාමුදුරුවනේ..
වැඩිය නෑ.. විනාඩි 4යි ගියේ..
දෙන්නෙක් තුන්දෙනෙක්ට කණට දෙකක් ගැහුව කලිසං ශිර්ට් ගලවල දැම්ම.. රෑ පාර දිගේ අන්ඩර්වෙයාර් පිටින්ම පිටවෙලා ගියා...
ඊලඟට පේරදෙණියේ ලොකු හට් එකක් ගහගෙන උපවාස කරනවා..
අපි රෑ 3ට විතර ගියා...පොඩ්ඩ්ඩක් ලැජ්ජ කරන්න එපැයි..
සේරගෙම කලිසං ගලවල  හෙළුවෙන තමයි එලෙව්වෙ..
හ හ හා.. හෙළුවෙන්ම යැව්ව..."

මේ ගැන කතා කළ යුතු දේ වක්කඩ කැඩුවා සේ මගේ මොළය කඩාගෙන ආවද යම් කිසිවෙක් අදාළ වාර්තාවට දැමූ පරිකථනයක් ඊට බාධා කළේය..

 එය මෙසේය්...

""  Well-done sir, ur the most strategic visionary leader ever sworn as higher education minister.

Campus wala displine anthimai,campus wala medical centres wala abortion wadi wela godaak kawadawath nathuwa,kollo kello assak mullak nara sex kisi egeneemak na.Meyalada anagathaye ape rate ehala tan walata enna inne,wanachara padada wesa kolle kello, kello ooktama hapan,sathiaga paththareka tibba campus ekeka hostel eke kellek kolle 3 denek ekka sex karala.

Munta egena ganna bari unata ekak eka pakshawalata kade yanna puluwan,poster aran kagahagena town hall,hipton circle,Galaha junction,Matara hamatanama pissu kelinawa.

So it the time to stop all these madness,real minister comes...he will destroy all black cheeps.

Hodin kiyanade godak ewunta teren na.Enisa SB sir kiyana basawa tama hodama basawa unta therena.

Munta kalisan galola heluwen yawwahama lajjailu, yako ubala gas gal yata class room wala,hantane,sewala patiwala amu heluwen haminena kota wata pita inna ewunta lajja nadda.Ubalata lajja nadda.

Dear SB sir, u welldone, pls teach them a good lesson, these bulls n cows waste billions of rupees public money each year.They must account for country's disaster.They hv no accountability.Even after graduation they don respect poor public.
Its said local graduate r soo arrogant,puhh being what they arrogant? what they can do? Can they manage a work?Can they speak n write English ? R they loving to mother country?

No no NOooooooo

BULLS MUST BE TAKEN BY THEIR HORNS.

Dear SB do ur job we r with u.

Organizer
-Foreign Degree Holders Association-
"

කිව යුත්ත මල්ටි බැරල් සේ හිස්කබල පුපුරාගෙන එලියට පනින්නා උව, රාජ්‍ය වි.වි වල දැනට ඉන්න.. හිටිය.. එන්න ඉන්න වගේම... ප්‍රයිවට් වේවා ඔනේම කෙනෙක්ගෙන් මා අසන්නේ...


1. මූ මේ කියන්නේ කුමක්ද??
2. ඔහු ඔය කියන සංවිධානයේ සංවිධායක ඌවද නොඌවද ඔහු කියන කතාව අදාළ වාර්තාවේ පරිකතන වල වරින් වර මතුවේ... ඒවා අපේ කැම්පස් වල තියෙන්වද??
3. රාජ්‍ය වි. වි ලෙස ගත්කළ එය සමස්ථයකි.. ඔහු කියන පරිදි අපිට ඉන්ග්‍රීසි බැරිය.. හරියට වැඩක් කරන්නට බැරිය.. අපි අපේ මව් රටට ආදරේ නැත..
මූට පිළිතුරු දීමක් ගැන නම් මට සිතා ගැනීමටවත් බැරිය... මූට පිළිතුරු දිය යුත්තේ කෙසේද??
4. ආණ්ඩුව කරන්නේ ආණ්ඩුවේම අධ්‍යාපන ක්‍රමයට ගැරහීමට ඉඩ සලසා එය මිනිසුන්ට එපා කර පෞද්ගලික අධ්‍යාපනයට ඉඩ සලසන ගමන් නිදහස් අධ්‍යාපනය වලපල්ලට යැවීමේ මුහුරත් උළෙල සංවිධානය කිරීම නොවේද??

 රාජ්‍ය වි. වි වල බොහෝ ප්‍රශ්ණ ඇති බව මම පිලිගනිමි..  නමුත් ඒවයේ අධ්‍යාපනය ලබන්නේ ලංකාවේ නිදහස් අධ්‍යපනය නැමැති සම අයිතිවාසිකම තුලින් ආ, අදාළ විශය ධාරා තුළ ඉහලින්ම සමත් ඌ පිරිස නිසා ඒ වරම අහිමි ඌවන්ට ඉරිසියාවක් ඇතිවිය හැක.. එය සමාන්‍යයි.. නමුත් එය එතරම් සංවාදාත්මකව එළියට දැමීමට අවකාද ලබාදෙන්නේ ලංකාවේ උසස් අධ්‍යාපන අමාත්‍ය වරයායි.. මන්ද රාජ්‍ය නිදහස් අධ්‍යාපනය සැමට ලබා දිය නොහැකි ඌ කල්හි ලැබෙන හා නොලැබෙන කල්ලි දෙක අතර ගැටුම අර්බුදය වසා ගැනීමට භාවිතා කිරීම ඔවුන්ගේ න්‍යායේ කොටසක් බැවිනි...

අවුරුදු සතර, සමව බෙදා ගත් .. කඩුක්කං යුවළ..!!

කප් රුකක පල නෙලා ගෙන රුදු
වියළි අස්තර අතු ගගා වැදු
කැටයමින් ඇගෙ පළඳින්න සිතු
බොඳ වෙනා මගෙ කඩුක්කං මුදු...


ආල ආකුල දහර රිද්මිත
රියන් සිවු දිග ගලා විත් තව
ටික දොහක් පෙණ නැගූ ගඟුලට
බිඳ හෙලූ ගල් පර අමතකද...


විරහවෙන් විප්‍රයෝගය වෙත
ඇද හැලෙන දිය ඇලි සොඳුරු වෙද
නෙත් දියෙන් නහවා සීත කළ
කඩූක්කන් මට සමා උව මැන...!!!

--සුකී..--