Monday, October 15, 2012

අසම්මත


සීත හිම වලා විසිරුණු
අපිළිවෙල අහස් ගැබ මත
සොයා යන්නෙම්
විඳිමි ගිනියම්
අසම්මත පෙම

හිරුට බියෙන් හැකිලෙන
සීත වියැකෙන පිණි පොද
විසල් හුස්මට ඇදී විත්
ගැටෙන නෙතු පිය අග
අසම්මත ගමනක

හැඟුම් මහමෙර පවසන
සඬ මඩල අද ගිනිගෙන
උණුසුමින් සැනසෙන්න දැන් වත්
වෙලා මිහිදුම් සළුවෙන්
අසම්මත නිරුවත

No comments:

Post a Comment