Friday, June 3, 2011

නොලීවෙමි.., ලියවුනී ...


කඳුළු කැටයක
අරුත පසිඳන
මුණුපුරෙකු ලෙස
ඔබේ අබියස..

මහමෙරක් උව
රද නොසලකන
නිහඬ ඔබ දෙස
නෙත් යොමාගෙන..

දොහොත වට බැඳ
නිතර හිස සිප
මද සිනාවෙන්
මුව සරසාන
"පුතේ පරිස්සමින්.."
කාසියක් මා අත
මිට මොළවමින්..


අප වැඩෙන විට,
විරූහනයෙන්
සිත් පිනාගෙන..
අඩක් නිමැවූ
ආශංසනත් ගෙන
ධවල වතකින්
තවම නිහඬව..
එහෙත්
ආච්චී..
තවම ආදරයෙන්...
දැනේ එය මතු
නොලැබෙන නිසාවෙන්...


--සුකී (sha)--