Tuesday, September 18, 2012

රණවිරුවො



රණවිරුවො කියල ජාතියක් ජීවත් වෙලා හිටිය කාලෙකට ඉස්සර.. එයාල ජීවත් උනේ 'X' කියල මිනිස්සු ජාතියක ඔළුගෙඩි ඇතුලෙ.. මේ 'X' කියන මිනිස්සුන්ගෙ සාතිශය බහුතරය, පවතින දේශපාලන ක්‍රමය කියන එක ඇතුලෙ පල් වෙමින් හිටිය නිසා එයාලට රණවිරුවො කියල ඔළුවට දාපු සංකල්පය එදිනෙදා ජීවිතයෙ ආතල් එක විදියට පාවිච්චි කළා.. ඒ සංකල්පයේ නිර්මාතෲ වෙච්ච් පාලකයො කියල ජාතියක් තමන්ගේ වහලුන් වෙච්ච් හමුදාව කියන උන්දැලැව, පාලකයන්ගේ විෂයෙන් අනුකලනය කරල තමා ඒ 'රණවිරුවො' කියන චීත්තය හැදුවෙ.. හැබැයි ඒ රණවිරු ප්‍රජෙක්ට් එක ඉවර වෙලා නැවතත් පුරුදු පරිදි රට කන ප්‍රජෙක්ට් එක උඩට අරගෙන කරගෙන යනකොට පාලකයන්ගේ ස්වභාවික විෂයෙන් හමුදාව අනුකලනය කලාම නිර්මාණය වෙන 'වහල්ලු' කියන සංකල්පයයි, 'X' කියන මිනිස්සුන්ගෙ ඔළු වල තියෙන සංකල්පයයි ගැටෙන කොට අපේ අය තක්බීරි වෙලා බලං ඉන්නව.. සමහරුන්ට වැඩේ තේරුම් යනව...

 හැබැයි ඒ ඔළු තාම කැමති 'රණවිරුවො' කියන මගුලට.. එයාල කැමති රණවිරුවො කියන කට්ටිය වන්ෂොට් එකේ රන්ජන් රාමනායක වගේ, නැත්නම් රැජිනි කාන්ත් වගේ අසාධාරණයට එරෙහිව සටන් කරනවට.. ඒකනෙ අසමජ්ජති පාලක බේබිලගෙන් ගුටි කෑවමත් අපේ අය හිතුවෙ "එළ කිරි.., අද තමයි ඔය හැත්ත පාඩමක් ඉගෙන ගන්නේ.. දැන් අපේ 'රණවිරුවො' සෙට් වෙලා දේනව ගේමක් අයෙ නෑ..." කියල.. හැබැයි එහෙම හිතල හුස්මක් ගන්න කලින් අර 'රණවිරුව' බලු වෙලා පාලකන්ගේ ඇත්ත ප්‍රජෙක්ට් එකේ පිටපත විදියටම නිටව රංගනයේ යෙදෙනව.. හැබැයි 'X' කියන මිනිස්සු මර්ධනය කරන එකත් ඒ කියන 'රණවිරුවො' ලවා කරවනව.. දැන් අපේ 'X' උන්දැලට මොලේ කචල් වෙලා මේක ලිහාගන්න බැරුව ඉන්නව.. මුල ඉඳන් බැරි උනත් දැන්වත් ප්‍රජෙක්ට් එක තේරුම් ගත්ත නම් අපේ 'X' උන්දැලට පේන්න ඕනෙ රණවිරුවො කියල ජාතියක් හිටියෙ නෑ, හිටියෙ කුළී හමුදාවක් බව. උවුන් රණවිරුවො කියල චරිත රඟපෑවෙ පාලකන්ගෙ ප්‍රජෙක්ට් එකක බව.. හැබැයි අපේ 'X' උන්දැල හෙටත් පාලකන්ගේ අළුත් ප්‍රජෙක්ට් වලින් දෙන සංකල්ප ඔළුවට දාගෙන අයේ බලු වෙනව..