Wednesday, May 23, 2012

ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍ය ද..??


සඳ එළිය කියන්නෙ මොකක්ද?? සඳට ආලෝකය නිපදවන්න බෑ.. ඉරෙන් එන ආලෝකය හඳට අවිල්ල ඒක අපි දැක්කම, අපි ඒක හඳේම එළිය කියල විග්‍රහ කළොත් ඒක වැරදියි...


සරලව තේරුම් ගමු..

මේ භෞතික ලෝකේ ජීවීන් ඉන්නවා.. ජීවීන් සියල්ල ස්වභාව ධර්මයේ නිර්මාණයන්.. ස්වභාවික වරණය වටතේ දැනට පෘථිවිය තුළ පරිසරයට වඩාත්ම ස්ථායීව සිටිය හැකි දියුණුම සත්වයා වන "මිනිසා" ව තෝරලා තියෙන්වා.. ඒ පරිණාමික ක්‍රියාවලිය ඇතුලේ මිනිසාගේ මොළය කියන් බෞතික වස්තුවේ සිදු උණු ගුණාත්මක වර්ධනයේ ප්‍රතිඵලය විදියට මිනිසාට සිතිය හැකි, "විඥ්ඥානය" නැමැති ගුණයක් ඇතිවෙලා තියෙනවා.. අපි දැන් මේ හිතන්නේ.., ආදරය කරන්නේ, ඒ ගුණය නිසා.
හැබැයි ඒක ඇති වෙන්න කලින් පරිණාමික ක්‍රියවලියේ පෙර පුරුක් වල සිටම ජීවීන්ගේ "අඛණ්ඩ පැවැත්ම" නැමැති ස්වභාවික "අවශ්‍යතාවය" විසින්, ජීවියාව පෙළඹවීම සඳහා උරුම කරන ලද්දකි ලිංගිකත්වය. එය ප්‍රාථමිකයකි. "ශිෂ්ඨ වීම" නැමැති සළුව මිනිසාගේ විඥ්ඥානයේ නිර්මිතයකි. ප්‍රසන්නජිත් මහතාට අනුව තර්කානුකූල(මිනිසා විසින් සිතා මතා කරන ) ක්‍රියාවකි. ආදරය යනු විඥ්ඥානයේ නිර්මිතයකි. එය ස්වභාවික නොවේ යන්න එයින් නොහැඟවේ. මිනිසා ස්වභාවික බැවින් මිනිසාගේ සියළු ස්වභාවික වේ. නමුත් ආදරය යනු ශිෂ්ඨ වීමේ ක්‍රියාවලිය තුළ මිනිසාගේ විඥ්ඥානය නිර්මාණය කළ ද්විතීයිකයකි. එනම් ලිංගිකත්වය නැමැති ප්‍රාථමිකය මත පදනම්ව ඇතිවන ද්විතීයික මානසික තත්වයකි. ආදරය යනු ශිෂ්ඨ බව විදහාපෑම වෙනුවෙන් ක්‍රියාත්මක වන මිනිස් විඥ්ඥනයේ ක්‍රියාවලියක් ලෙස තේරුම් ගත හොත්, පහත කාරණා පැහැදිය හැක

- "ලිංගිකත්වයෙන් තොරව ආදරයක් හට ගත හැකිද"
  බෑ. ප්‍රාථමිකය නැත්නම් ද්විතීයිකය ඇති නොවන නිසා

- ආදරයෙන් තොරව ලිංගිකත්වයක් පැවතිය හැකිද?
 පුළුවන්. ස්ත්‍රී දූෂණයක් කරල කෙල්ලව මරල දාන්නෙ

- එතකොට ආදරය කියන්නෙ බොරුවක්ද?
 නෑ. ඒක ද්විතියික උනාට අපේ විඥ්ඥනය හා ඒ හා බද්ද වෙන සමාජමය විඥ්ඥානය තුළ ආදරය කියන එකට වට්නකමක් තියෙනව. ලිංගිකත්වය කියන එකේ තියෙන අමු බව වහන්න ආදරය කියන ද්විතීකයට පුළුවන්. ආදරය කියන්නේ මිනිසාගේ යහපත් නිර්මාණයක් වන අතර ඒක සමාජ සංවර්ධනාත්කව භාවිතා කරන්න පුළුවන්.. කොටිම අපි එකිනෙකාට ආදරය කිරීමක් වෙනව සහ ඒක හොඳයි..

- ඇත්ත ආදරය කියන දේ ඇතුළෙ ලිංගිකත්වය නැද්ද?(ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍ය ද ??)
 නෑ.. ආදරය ලිංගිකත්වයෙන් වෙන් කරන්න බෑ. ඇත්ත ආදරය කියන්නේ අපේ විඥ්ඥානය විසින් අර්තකථනය කරන දෙයක් නිසා එක එක මිනිස්සු තේරුම් ගන්න විදියට තේරුම් ගන්න විදියට ආදරය කරනව. ගොඩාක් වෙලාවට ආමරුවෙන් ඇත්ත ආදරය කරනව කියල වෙන කෙල්ලෙක් ළන්ගට යන්නෙ නැතුව ඉන්නව. හැබැයි ඒක ස්වභාවිකත්වයට එහා ගිහින් මිනිසා විසින් සාදා ගත් ශිෂ්ඨ වීමේ ක්‍රියාවලියට අදාල දෙයක්.. ඒක තමා අපි හැමෝම ඉඩක් ලද විගස හොරෙන් ඒ දේවල් වල පෙළඹෙන්නෙ..

- එතකොට මොකක්ද අපි කරන්න ඕනෙ??
 ආදරය කරන්න.. හැබැයි ප්‍රකෘතිය තේරුම් අරගන කළොත් දුක් වෙන්න වෙන්නෙ නෑ.. විෂේශයෙන් දෙන්නගෙම "ලිංගික අවශ්‍යතාව" එකිනෙකා විසින් තේරුම් ගැනීම තුළින් "පිට" යාම අඩු කරන්න හරි පුළුවන්. දියුණු සමාජයක නම් පිට ගියත් ඒ අවස්ථාව තේරුම් අරගෙන ආදරය නවත්තන්නෙ නැතිව දිගටම ඉන්න පුළුවන්..!!

දෙමව්පියො දරුවො අතර තියෙන ආදරය ගාවගන්න එපා.. ඒක ශිෂ්ඨ කම විසින් හදාගත්ත වෙනස් ආකාරයක ද්විතීකයක්.. එතන ගෞරවය, වග වීම වගේ වෙනස් සමාජ විඥ්ඥන වල එකතුවක් තියෙනව. හැබැයි ඒ එකතුව ඇතුලෙත් ප්‍රාථමිකව ප්‍රභව වීම තුල ඇතිවන විකෘතීන්(විකෘතීන් ලෙස හැඳින්විය හැක්කේ අප සාදා ගත් ශිෂ්ඨ බවට සාපේක්ෂවය ) තියෙනව.

Monday, May 14, 2012

යුධ අපරාධ....!!!



මුලින්ම කියන්න ඕනෙ සංශෝධනවාදී වෙනව කියන්නේ පවතින ක්‍රමය තුළ, සිදුවන නිශ්චිත වැරදදක් වැරදියි කියල ඒක නිවැරදි කිරීමට බල කිරීම නෙවේ. 
මේ ප්‍රශ්නය දිහා බලන කොට කෝණ දෙකක් භාවිතා වෙනව. 
- 1) මම විශ්වාස කරන "නිවැරදි ක්‍රමය" ක් තුළ දේවල් සිදු විය යුත්තේ කෙසේද්?? ඒ නිවැරදි ක්‍රමයට යාම(ක්‍රමය වෙනස් කිරීමට ) නැමැති මාර්ගයේදී (වැඩ පිළිවෙලේ), අදාළ සිද්දියට (යුද්ධය/ යුධ අපරාධ ) සංවේදී ව්න්නේ කෙසේද?
-2) ක්‍රමය වෙනස් විය යුතු බව විශ්වාස කරමින් සිටින අතර, නමුත් අදාළ සිද්ධිය (යුද්ධය/ යුධ අපරාධ ) හුදකලා ලෙස ගනිමින් එය විසඳීමට, එයට අප බලාපොරොත්තු වන උතුම් සමාජයකදී මෙන් 100% නිවැරදි විසඳුම ඉදිරිපත් කිරීම තුළින් ගොඩදැමීමට උත්සහ ගන්නේ කෙසේද?

මෙහි දෙවැන්න සන්ශෝධනවාදී වන අතර එසේ, පවතින ක්‍රමය තුළ යම් එක් ගැටළුවකට/සංස්ථාවකට හුදකලා ලෙස විසඳුම් ඉදිරිපත් කිරීමෙන් ක්‍රම වෙනසකට යා නොහැකි වන අතර පවතින ක්‍රම උගුලේ අපද සිර වෙනු ඇත.

පළමු ක්‍රමය තුළ ප්‍රශ්නයට සංවේදී වෙනවා නම් මට හැඟෙන්නේ මෙසේය...
- ලංකාවේ "ජාතික ගැටළුව" නම් වූ ප්‍රශ්නයක් පැවතිණි. ඒ වනාහී ධනපති පාලකයන් විසින් තම බලය රැක ගනු වස් හිතාමතාම ජාතීවාදී ප්‍රශ්නයක් නිර්මාණය කිරීමයි..
- මෙහිදී සින්හල හා දෙමළ ධනපති නායකයන් තම තමන්ගේ ජාතීවාදයන් වෙන වෙනම භාවිතා කළ අතර බහුතරය වූ සිංහල ධනපති පාලකයන්ගේ ක්‍රියාකලාපය ප්‍රමාණාත්මකව ඉහළින් පැවතිණි.
- ඒ අනුව දෙමළ ජාතියට තමන් දෙමළ වීම නිසා විඳීමට සිදුවන අකටයුතුකම් වලට(සරලව ගත්තොත් එය එසේ විය ) මුහුණ දීමේ ප්‍රතිඵලයක් ලෙස දෙමළ ජාතීවාදී හා බෙදුම්වාදී ව්‍යාපාර බිහිවිණ. ඒවා දෙමළ ජනයාගෙන් විහි වූ ස්වභාවික අරගලන් වූ නමුත් අධිරාජ්‍යවාදීන් විසින් එය අධිරාජ්‍යවාදී උවනමාවන් වෙනුවෙන් කළමනාකරණය කිරීමෙන් එය සංකීර්ණ තත්වයකට පත් විණ.
- එනම් සරලව ගත්තොත් පිරභාහරන් නැමැති තරුණයා අවි අතට ගන්නේ ඔහුට දැනෙන ඇත්ත පීඩනයට එරෙහිව වූ නමුත් නොර්වේ සමග සාකච්ඡා මේසයට එන පිරභාහරන් යනු හුදෙක් ඒ සරල පීඩනයෙන් දෙමළ ජනයා මුදාගන්නා වීරයාට එහා ගිය රූකඩයක් බව තේරුම් ගත යුතුය.
- ඒ අර්ථයෙන් ගත් කල, ක්‍රමය වෙනස් කිරීමට යන මාවතක, 2005 යනු ප්‍රභාකරන් පැරදවිය යුතු ලක්ෂ්‍යකි. ඒ සඳහා යුද්ධ කල යුතුව තිබිණි. යුද්ධ කෙරිණි. මේ ක්‍රමය යටතේ යුද්ධ කියන්නේද ක්‍රමය අවුල උපරිමව පෙන්වන සධකයක් බැවින්, "යුධ අපරාධ" සිදු වීම අනිවාර්යයි. නමුත් එය සිදු විය යුතු නොවේ. එම අනිවාර්‍ය වැරැද්ද සිදු නොවී යුද්ධයක් කළා නම් මාරය. එය අපවද කම්පනය කරනු ඇත. එසේ කළ ආකාරය විමසීමට අපටද සිදු වනු ඇත.
-ඒ අනුව යුධ අපරාධ සිදු විය. එය වැරදිය. දැන් සිද්ධිය දෙස මා බලන පළමු කෝණයට අනුව, වැරැද්දට මේ ක්‍රමය තුළ කළ යුතු වන්නේ කුමක්ද?? ක්‍රම වෙනසක් බලාපොරොත්තු වන අපගේ වගකීම කුමක්ද?? වැරැද්ද වෙනුවෙන් අප ගන්න ක්‍රියා මාර්ගය ක්‍රමය වෙනස් කිරීමේ මාවතට සමගාමී කරන්නේ කෙසේද??? බරපතල ප්‍රශ්නය එයයි...


සිදු විය යුත්තේ මෙතෙක් කල් ක්‍රමය වෙන්ස් කිරීමේ මාර්ගයට දෙමල ජනයාට පැමිනීමට අවහිරව තිබූ බාධක ඉවත් කර ජාතීවාදයට එරෙහි හා දෙමළ ජනයාගේ විශ්වාසය දිනා ගත හැකි ක්‍රියාමාර්ග තුළින් දෙමල ජනයාද ක්‍රමය වෙනස් කිරීමේ අරගලයට සම්බන්ධ කර ගැනීමයි..
- ඒ සඳහා අනිවාර්යෙන්ම මේ මොහොතේ වැඩි බරක් ඔවුන් මත තැබීම ඉතා නිවැරදි වා අතර ඒ තුළින් ජාතිකත්ව සහජීවනය ගොඩනගමින් අපි සියල්ලම එකයි කියා තහවුරු කළ යුතුය..
- නමුත් ගෙවී ගිය හෝරාවන් ඉතා ධරුණු ඌ බැවින් ඉතා ඉක්මනින් ඔවුන් තුළ විශ්වාසයක් ගොඩ නැගීම අපහසුය. නමුත් අවම වශයෙන් (ඊට් වඩා වැඩි යමක් විය යුතුය ) යුධ අපරාධ ගැන සොයා බලා තරාතිරමක් නොමැතිව ඊට දඬුවම් දීමට බල කිරීම තුළින් ප්‍රජාත්ත්‍රවාදී සිහිනයක කිරනයක්වත්(අවම වශයෙන්) ඔවුනට ලබා දිය යුතුමය... 
- යුධ අපරාධ සිදුවිය. එනම් පැසවා තිබූ තුවාලයක් මතට අළුතෙන් තවත් විශබීජයක් ඇතුල් විය. තුවාලය හොඳ කිරීමට ප්‍රථම අළුතෙන් ආ විෂබීජය මර්ධනය කිරීම වෙනුවෙන් නගන හඬ විසින්, තුවාලය හොඳ කරගැනීමට නව බලාපොරොත්තුවක් ඔවුන් මත ජනිත කරවයි. 
- රජයට එම තුවාලය තබා තුවලය වටේ කබොල්ල එවත් කිරීමටවත් උවමනාවක් නැත. එවැනි යමක් ඔවුන්ගේ න්‍යාය පත්‍රයකට වැරදිලාවත් වැටෙන්නේ නැත. නමුත් එසේ කිරීමට බල කිරීම අපගේ වගකීම වේ. එසේ විය යුතු බව විශවාස කිරීම අපේ වගකීම වේ. මන්ද අප සිටින තැනට උතුරේ දෙමල ජනයාද සිටිය යුතු බැවින්. 

---- චීත්ත කතා..2----



උදේ පාන්දරම සීලිං නැන්දාගේ චීත්තය ඉස්සී ඇත. ඇය අතකින් චීත්තය උස්සාගෙන වත්තටම ඇසෙන්නට "කුණුහරුප මිශ්‍ර මොර" දෙන්නට පටන් ගෙන ඇත..
- "ඈ යකෝ.. ගෑස් ඉවර වෙලා දර වලින් උයන්න අරං දවස් පහක් වත් නෑ. මං අපේ මූසල මිනිහට කිව්ව ටැංකිය එළියට දාන්න එපා කියල.. අනෙ අම්මේ මගෙ නිල් පාට ගෑස් ටැංකිය.. දරුවෙක් වගේ අම්මප.. මේක උස්සපු එකාගේ අම්ම්$$$$ $@#%$ $%@$%$@#!@ ....... "

මුළු වත්තම සීලිං නැන්දලාගේ ගේ ළඟය. මිනිස්සු ඇස් ගෙඩි දෙක එළියටම දමාගෙන බලා සිටින්නේ, වත්තෙ පංසලේ ලොකුහාමුදුරුවන්ටත් පෙර ගෑස් ටැංකිය රහත් වීම අදහාගත නොහැකිවය..!! ඇරත් සීලිං නැන්දාගේ චීතතයේ පහළ වාටිය ගැන සියල්ලන්ම දන්නා බැවින්, වෘතීමය හොරෙකු උව, දින පහක් බඩගින්නේ සිටියද මෙවැනි ක්‍රියාවකට පෙළඹෙතැයි සිතීම උගහටය..

ප්‍රශ්නය දුරදිග ගොසිනි. අහල පහළ නම් හත අටක් සොරකමට සමබන්ධ යැයි කන් ඇති බිත්ති විසින් සොයාගෙන ඇත. ඒ අතුරින් ප්‍රධාන සැකකරු කඩේ වැඩකරන අහමඩ් මල්ලිය. සීලිංගේ "මූසල මිනිහා" වූ සීමන් විසින් කරගෙන යනු ලබන, මන්ත්‍රී පර්මිට් එක, පොලිස් අනුග්‍රහය සහ දේශීය නිශ්පාදන වලට දෙනු ලබන සිංහ ලකුණ හිමි ජංගම තැබෑරුම් පොළේ හොඳම ගැනුම් කරුවා අහමඩ් මල්ලීය. කලක් තම දෝණියැන්දාව චීත්ත නැතිවම "අහමඩ් පුතාට"  දීමට ලක ලැහැස්ති වූ සිලිං නැන්දාට, පන්සලේ ලොකු හාමුදුරුවන් විසින් දෙසූ බණකින් පසු හම්බයන් පෙන්නන්නට බැරිය. ඇරත් කඩේට යන හැම දිනකම බඩු වල ගාන පොතට දමන විට, බඩු වල මිළ වැඩී වී ඇති බව දැනී හටගන්න කෝපය අහමඩ්ගේ ගිනුමට දමා එන සීලිං ට දැන් "අහමඩ් පුතා", "තම්බියා" වී ඇත.

 ප්‍රශ්නය ගිය දුර කොතරම්ද යත් අවසානයේ මෙය හම්බයන්ගේ කුමණ්ත්‍රණයක් ලෙසත්, අහමඩ් විසින් ගෑස් ටැංකිය පල්ලියට ගෙන ගොස් ඇති බවත් තහවුරු කෙරිණි. ප්‍රශ්නයට එඩිතරව මැදිහත් වූ සිල්වා මන්ත්‍රී තුමා තම චණ්ඩි ගෝලයන් යොදවා ගෑස් ටැංකිය සොයා ගත් අතර එය පල්ලියේ කුස්සියේ තිබී තමන්ම ගොස් ගෙනා බවට ප්‍රකාශ කරමින් සීලිං නැන්දාගේ අතටම භාර දෙන විට සීලිං නැන්දාගේ චීත්තය නිම්හිම් නැති  ප්‍රීතියකින් සැලෙන්නට විය.

පසුව ප්‍රශ්නය හමාර වූ ප්‍රීතිය නිමිත්තෙන්, සිල්වා මංත්‍රී තුමා, පොලීසියේ ලොකු මහත්තය හා පන්සලේ ලොකු හාමුදුරුවන් මූලිකත්වය ගෙන සංවිධානය වූ "චාම්" උත්සවය ඉතා උත්කර්ශවත් අයුරින් පැවැත්වීය. කෑම සීලිං නැන්දාගෙන් වූ අතර බීම සීමන් ගෙනි. ආරාධිත අමුත්තන් ලෙස ශාසනය උදෙසා වූ අමාත්‍යාංශයක ඉතා උසස් ලේකම් තුමෙක් හා එතුමාගේ බිරිඳ පැමිණ සිටියහ.

පළමු කතාව කල පොලිසියේ ලොකු මහත්තයා විසින් අහම්ඩ්ගේ කොලුවාගේ ඉල ඇට කැඩූ අයුරු රසවත්ව කියා සිටි අතර, දහ අට හැවිරිදි අහමඩ් වසර 20 ක් තිස්සේ මෙලස සොරකම් කරන බවද ප්‍රකාශ කළේය.
ඉන් පසු කතාව ආරම්භ කළ මන්ත්‍රී තුමා විසින් ගෑස් ටැංකියේ වටිනාකම පැහැදිළි කර දුන් අතර හිස් උවද එයට "ගෑස් ටැංකිය" ලෙස ආමන්ත්‍රණය කිරීම නිසා එයට විශාල වටිනා කමක් හිමි වන බවද කියා සිටියේය.
ඉන්පසුව, පුරවිද්‍යාව(ට ) කෙළ පැමිණි අපේ චක්‍රවර්තී හමුරුවෝ ඉතා හරබර දේශනයක් කළ සේක. නිවෙස් වල ගෘහණියන් ගෑස් ටැංකි වලට ඉතා අශා කරන බවත් ඒ නිසාම එයාල ටැංකිය නැවත මාරු නොකර ඉතා දීර්ඝ කාලයක් තබාගන්නා බවද දේශනා කළ සේක. මේ නිසා මේ ගෑස් ටැංකි වලට පෞරාණික වටිනාකමක් එකතු වන බවත් අතිතයේ භාවිතා කළ මෙවැනි පෞරාණික ගෑස් ටැංකි තවමත් පොළව යට නිදන්ව තිබෙනා බවත් ප්‍රකාශ කළ උන්වහන්සේ, එම පෞරාණික "ගෑස් ටැංකි" නිදන් රජය විසින් ගොඩ ගත ගැනීමට රජය දරන ප්‍රයත්නයට තම ප්‍රණාමය පුද කළ සේක.
අවසාන කතාව හිමි වූ අමාත්‍යාංශ ලේකම් තුමා මිනිසුන්ගේ සිත හා  දියුණුව යන්න තේමා කොට ගෙන විශාරද අදහස් දක්වන්නට විය. අප දියුණු රට වලින් දියුණු වීමට හේතු වූ ඵලයන්  ලබා ගත යුතු බවත් එයට උදාහරණයක් ලෙස චිනයේ ෆෙන්ෂුයි ක්‍රමය හඳුන්වා දිණි. අවසානයේ නිවෙස් වල මෙවන් විපත් සිදු නොවීමට හා දියුණුවෙන් දියුණුවට පත් වීමට මේ පිළිම ලඟ තබාගෙන වන්දනා මාන කරන්න යැයි පවසා එතුමගේ බිරිඳ විසින්  එළියේ මේසයක් උඩ තබාගෙන සිටි සිනාසෙන තරබාරු පිළිම වහන්සේ නමක් පෙන්වූ අහර ඒවා සහන මිලට මෙතනින් ලබාගත හැකි බවද පවසන විට උත්සව ශාලාවේ සියළුම චීත්ත "සාදු සාදු" නාදයෙන් තෙත් වී ගියේය.

Tuesday, May 8, 2012

චීත්ත කතා..!!

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නැමැති චීත්තයේ මැදට පොඩ්ඩක් දකුණට වෙන්නට ඇති ලොකූ හිලෙන් බැලූ විට රසක් දැනෙන යමක් පෙනෙන්ට නැත. ප්‍රජාතන්ත්‍රවාදය තබා ප්‍රජාවක් සිටීද යන්න සැක සහිතය..!!
- හංදියේ විජේපාල ෆුඩ්සිටියෙන් කිරි පැකට් එකක් හොරකන් කරල ඒක කැමරාවට අහුවෙල පැයක් යන්න කලින් පොලීසිය ඇවිත් වරෙන්තුත් එක්කම..!! එනකොට විජේපාලය ටීවී එකේ "සුදර්මන්ගෙ" පශ්චාත්වන්දනා පෝ දින වැඩසටහනක් බල බලා ඉඳල, මිනිහ දන්නෙම නෑ පොලීසිය එනකම්ම. මිනිහව අල්ලන් යනකොට ගෑනි කෑ මොර දීල. දරුවො තුවක්කු දැකල බයේ හැන්ගිල. සුදර්මන් වරෙන්තුව දැකල කට කොනෙන් හිනාවෙල..!!

- කැම්පස් වහල හින්ද ඇතුලට යන්න බෑ. පටන් ගත්ත ගමන් විභාගෙ නිසා ෆයිනල් ඉයර් කොල්ලො සෙට් එකක් ළඟ පංසලට සෙට් වෙලා කුප්පියක් දාන්න. එතනදි කට පොඩ්ඩජ් රැඩිකල් කොල්ලෙක් දෙන්නෙක් ආණ්ඩුවේ අහවල් එක පිබිදීම ගැන කතා වෙනකොට ඒක ඇහිල හාමුදුරු නමක් පොලීසියට කෝල් කරල රට පෙරලන්න කතා වෙනවයි කියල. පොලීසිය එනකොට එක කොල්ලෙක්ගෙ අතේ ෆෝර්ස් (බලය ) කියල බෞතික විද්‍යා පොතක්ලු. ඒකෙ සිංහල තේරුම කොල්ලෙක්ගෙනම ඇහුව සාජන මහත්තය, "ඈ.. පරයො ටික තොපි බලය අල්ලන්න නේ... අනේ යකෝ.. තොපි පොලීසිය ගැන දන්නෙ නෑ.." කියල "නීති විරෝධී රැස්වීම" යටතේ නඩු පවරල. පොලීසියෙ මහත්තරුන්ට අනුව එහෙම රැස් වෙන්න පුළුවන් සින්ගර් ෂෝ රූම් ඒක් ඉස්සරහ මැච් එක බලන්නයි, දන්සලක් ළඟයි, විදේශ බලවේග වල විරුධව කරන පෙළපාලි වලයි විතරලු...!!



Wednesday, May 2, 2012

පීඩනය සහ ලුනුමිරිස්..!!

අම්මා මොනවද උදේට කන්න තියෙන්නේ..??
ඔය රොටියට "රටේ නීතිය" දමාගෙන කාපං.. මල්ලිටත් "ටේ  නීතියෙන්" ඩිංගිතතක් ඉතුරු කරපං කන්ට...


නිවසක උදේට මෙවැනි දෙබසක් ඇසුනොත් කළබල නොවන්න. රටේ නීතිය හා වෙනත් මහජනයා වෙනුවෙන් වූ සියල්ලක්ම හිරිකිතයකි තොරව ටේ  ඩයල් එක විසින් බුදිනු ඇත.. ඉතින් ඉදිරියට ජනයාද, ඩයල් එක තම අඹුව, දරුවන්, සහෝදරයන් හා ගෝලබාලයන් කා ඉතිරි වන ඉඳුලෙන් ඩිංග ඩිංග කෑමට පටන් ගනීවි.
ඒක පැතතකින් තියමුකෝ.. එක ගමක එස්.ටී.එෆ් එක නිදන් හාරලා ගමේ උන් එක්ක ගේමක්.. පොලීසිය කියනවා පෞද්ගලින ඔත්තුවකට හෑරුවලු. හැම තැනකටම දැනුම් දීලලු කළේ. පුරාවිද්‍යා එක කියනව එහෙම දැනුම් දීල නෑලු. එහෙම හාරන්නත් බෑලු. පුරාවිද්‍යා එක දන්න ලබ්බ තමා.. යකෝ එහෙම හාරන්න බැරි නම් ඔය ලංකාවෙ හැමතැනවම දැන් අවුරුදු 5ක 6ක විතර ඉඳන් හාරල උස්සගෙන යන්නෙ. කොහොමද බෑ කියන්නෙ. ඔය කරන්නෙ.. ඇයි යකෝ කටු ගෙයිනුත් ඉස්සිවේ... කවුද බෑ කියන්නේ.. ලංකාවෙ ස්වරීත්වය ආරක්ෂා කරන්න තම දිවි හිමියෙන් සටන් කරපු ආරක්ෂක අංශ නේ කරන්නේ, එක නිසා මොකටද කෑ ගහන්නේ.. ඔය ආරක්ෂක අංශ වලට පරණ කඩු හොයන නොවැ..

ඒකත් හරි කියමුකෝ..
දැන් මේ හාරන හිදන් හාරන්නේ කවුද?? හම්බයොද?? කෝ දැන් සිංහල ජාතියට අහවල් එක වෙනවයි අහවල් එක වෙනවයි කිය කියා කෑ ගහපු එවුන්. අපේ උරුමයන් රැක ගන්න දිවි හිමියෙන් සටන් කරනවයි කියල එෆ්.බී එකේ මොර දෙන සිංහයො ටික. අන්න අපේ උරුමයන් උස්සනවා .. ඒව කෞතුකාගාරයට යන්නේ නෑ කියල තොපි දනන්වනේ. ඒව විකුණල සල්ලි ගන්නෙ කවුද කියල තේරෙනැත්තෙ තොපි තොත්ත බබාල නෙවේනෙ.. අන්න උරුමයන් වෙනුවෙන් දිවි දීපල්ල.. කෝ?? ඒවට කට නෑ.. ඒවට අත දාන්නේ නෑ.. එහෙම කෙළ උනාට කමක් නැදද?? දැන් "හම්බයො" නිදන් ඉස්සුවොත් තොපි මොකද කියන්නේ.. අනේ යකුනේ.. සිංහල ජාතියට බෞද්ධාගමට ආදරේ නම් තොපිට පුළුවන්නේ මේ උරුමයන් කොල්ලයට විරූද්ධවත් පාරට බහින්න.. ගේම ඉල්ලන්න.. ඒවට තොපි බයයි.. "හම්බයොන්ගෙන්" ගේම ඉල්ලනවා..
අතගාල බලපියව් තියෙනවද කියල...!!!


රටේ සම්පත් ටික, ඉතා පොඩි සෙට් එකක් විසින් කිසි ගානක් නැතුව තමන්ගේ සුඛ විහරණය පිණිස අමු අමුවේ භුක්ති විඳිමින්/ විනාශ කරමින් / විකුණමින් සිටී (එය සාමන්‍ය කාරණයක් නොවේ.. මෙය අතිශය දරුණු තත්වයකි.. නැගිටීමට බැරි ලෙස පහලට වැටී ඇති දුර්වල අප්‍රිකානු රටවල් වලද එසේ වීමට ඇරඹුනේ මෙලෙසය..). අපට සිදුවන්නේ ඉතුරු වූ ඉඳුලෙනුත් සොච්චමක් රොටියකට දමාගෙන එක් වේලක් කා දත නියවා බලා සිටීමට නොවේද?? නිදන් කොල්ලයක් සිදු නොවන්නේද්?? ඉඩම් කොල්ලයක් සිදු නොවන්නේද?? නිදහස් අධ්‍යාපන/ සෞඛ්‍ය වැනි අයිතීන් කොල්ල කමින් සිටින්නේ නොවේද?? පඩියක් අරං මාසෙ සතුටින් ජීවත් වෙන්න පුළුවන්ද?? මේ පීඩනය දරාගන්න බැරි තරම් අපේ උන්ගේ කර මතට ඇවිල්ල තියෙන්නේ. ඒ පීඩනය මිදා හල යුත්තේ පීඩනය ඇති කරන ව්වුන් මත මිස වෙනත් ජාතීන් හෝ ආගම් මත නොවන බව තරුම් ගන්න.