Wednesday, May 23, 2012

ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍ය ද..??


සඳ එළිය කියන්නෙ මොකක්ද?? සඳට ආලෝකය නිපදවන්න බෑ.. ඉරෙන් එන ආලෝකය හඳට අවිල්ල ඒක අපි දැක්කම, අපි ඒක හඳේම එළිය කියල විග්‍රහ කළොත් ඒක වැරදියි...


සරලව තේරුම් ගමු..

මේ භෞතික ලෝකේ ජීවීන් ඉන්නවා.. ජීවීන් සියල්ල ස්වභාව ධර්මයේ නිර්මාණයන්.. ස්වභාවික වරණය වටතේ දැනට පෘථිවිය තුළ පරිසරයට වඩාත්ම ස්ථායීව සිටිය හැකි දියුණුම සත්වයා වන "මිනිසා" ව තෝරලා තියෙන්වා.. ඒ පරිණාමික ක්‍රියාවලිය ඇතුලේ මිනිසාගේ මොළය කියන් බෞතික වස්තුවේ සිදු උණු ගුණාත්මක වර්ධනයේ ප්‍රතිඵලය විදියට මිනිසාට සිතිය හැකි, "විඥ්ඥානය" නැමැති ගුණයක් ඇතිවෙලා තියෙනවා.. අපි දැන් මේ හිතන්නේ.., ආදරය කරන්නේ, ඒ ගුණය නිසා.
හැබැයි ඒක ඇති වෙන්න කලින් පරිණාමික ක්‍රියවලියේ පෙර පුරුක් වල සිටම ජීවීන්ගේ "අඛණ්ඩ පැවැත්ම" නැමැති ස්වභාවික "අවශ්‍යතාවය" විසින්, ජීවියාව පෙළඹවීම සඳහා උරුම කරන ලද්දකි ලිංගිකත්වය. එය ප්‍රාථමිකයකි. "ශිෂ්ඨ වීම" නැමැති සළුව මිනිසාගේ විඥ්ඥානයේ නිර්මිතයකි. ප්‍රසන්නජිත් මහතාට අනුව තර්කානුකූල(මිනිසා විසින් සිතා මතා කරන ) ක්‍රියාවකි. ආදරය යනු විඥ්ඥානයේ නිර්මිතයකි. එය ස්වභාවික නොවේ යන්න එයින් නොහැඟවේ. මිනිසා ස්වභාවික බැවින් මිනිසාගේ සියළු ස්වභාවික වේ. නමුත් ආදරය යනු ශිෂ්ඨ වීමේ ක්‍රියාවලිය තුළ මිනිසාගේ විඥ්ඥානය නිර්මාණය කළ ද්විතීයිකයකි. එනම් ලිංගිකත්වය නැමැති ප්‍රාථමිකය මත පදනම්ව ඇතිවන ද්විතීයික මානසික තත්වයකි. ආදරය යනු ශිෂ්ඨ බව විදහාපෑම වෙනුවෙන් ක්‍රියාත්මක වන මිනිස් විඥ්ඥනයේ ක්‍රියාවලියක් ලෙස තේරුම් ගත හොත්, පහත කාරණා පැහැදිය හැක

- "ලිංගිකත්වයෙන් තොරව ආදරයක් හට ගත හැකිද"
  බෑ. ප්‍රාථමිකය නැත්නම් ද්විතීයිකය ඇති නොවන නිසා

- ආදරයෙන් තොරව ලිංගිකත්වයක් පැවතිය හැකිද?
 පුළුවන්. ස්ත්‍රී දූෂණයක් කරල කෙල්ලව මරල දාන්නෙ

- එතකොට ආදරය කියන්නෙ බොරුවක්ද?
 නෑ. ඒක ද්විතියික උනාට අපේ විඥ්ඥනය හා ඒ හා බද්ද වෙන සමාජමය විඥ්ඥානය තුළ ආදරය කියන එකට වට්නකමක් තියෙනව. ලිංගිකත්වය කියන එකේ තියෙන අමු බව වහන්න ආදරය කියන ද්විතීකයට පුළුවන්. ආදරය කියන්නේ මිනිසාගේ යහපත් නිර්මාණයක් වන අතර ඒක සමාජ සංවර්ධනාත්කව භාවිතා කරන්න පුළුවන්.. කොටිම අපි එකිනෙකාට ආදරය කිරීමක් වෙනව සහ ඒක හොඳයි..

- ඇත්ත ආදරය කියන දේ ඇතුළෙ ලිංගිකත්වය නැද්ද?(ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍ය ද ??)
 නෑ.. ආදරය ලිංගිකත්වයෙන් වෙන් කරන්න බෑ. ඇත්ත ආදරය කියන්නේ අපේ විඥ්ඥානය විසින් අර්තකථනය කරන දෙයක් නිසා එක එක මිනිස්සු තේරුම් ගන්න විදියට තේරුම් ගන්න විදියට ආදරය කරනව. ගොඩාක් වෙලාවට ආමරුවෙන් ඇත්ත ආදරය කරනව කියල වෙන කෙල්ලෙක් ළන්ගට යන්නෙ නැතුව ඉන්නව. හැබැයි ඒක ස්වභාවිකත්වයට එහා ගිහින් මිනිසා විසින් සාදා ගත් ශිෂ්ඨ වීමේ ක්‍රියාවලියට අදාල දෙයක්.. ඒක තමා අපි හැමෝම ඉඩක් ලද විගස හොරෙන් ඒ දේවල් වල පෙළඹෙන්නෙ..

- එතකොට මොකක්ද අපි කරන්න ඕනෙ??
 ආදරය කරන්න.. හැබැයි ප්‍රකෘතිය තේරුම් අරගන කළොත් දුක් වෙන්න වෙන්නෙ නෑ.. විෂේශයෙන් දෙන්නගෙම "ලිංගික අවශ්‍යතාව" එකිනෙකා විසින් තේරුම් ගැනීම තුළින් "පිට" යාම අඩු කරන්න හරි පුළුවන්. දියුණු සමාජයක නම් පිට ගියත් ඒ අවස්ථාව තේරුම් අරගෙන ආදරය නවත්තන්නෙ නැතිව දිගටම ඉන්න පුළුවන්..!!

දෙමව්පියො දරුවො අතර තියෙන ආදරය ගාවගන්න එපා.. ඒක ශිෂ්ඨ කම විසින් හදාගත්ත වෙනස් ආකාරයක ද්විතීකයක්.. එතන ගෞරවය, වග වීම වගේ වෙනස් සමාජ විඥ්ඥන වල එකතුවක් තියෙනව. හැබැයි ඒ එකතුව ඇතුලෙත් ප්‍රාථමිකව ප්‍රභව වීම තුල ඇතිවන විකෘතීන්(විකෘතීන් ලෙස හැඳින්විය හැක්කේ අප සාදා ගත් ශිෂ්ඨ බවට සාපේක්ෂවය ) තියෙනව.

3 comments:

  1. නැහැ සුකී..ලිංගිකත්වයෙන් තොරව ප්‍රේමය ඇති වෙන්න පුළුවන්.ස්වාමි පරමහංස ගැන හොයාබලන්න.ඇත්තම ආදරය උපදින හදවත් බොහොම පිරිසිදුයි.මගෙ පුද්ගලික අදහස වඩාත්ම ලස්සන දේ වෙන්නෙ මානසික ආදරය කියන එකයි.

    ReplyDelete
    Replies
    1. ශක්ති, පුංචි එවුන්ට ලිංගිකත්වය ප්‍රේමය තේරෙන්නෙ නෑ. ‘ඇත්තම ආදරය“ උපදින විදිය ගැන මේ පුංචි එකීගෙන් අහන්න බලන්න. මානසික ආදරය කියන්නෙ මොකකද?

      Delete
    2. ඒකම තමා මං පුංචි එකීට උත්තර දෙන්න ගියේ නැත්තෙ.. මානසික ආදරය කියල එයා හිතන දේ එයාගෙ මොළයේ රසායනික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් කියල තේරුම් ගන්නකම් එයාට ප්‍රාථමිකය , දිවීතීයිකය වෙන් කර ගන්න බෑ..

      Delete