Monday, May 14, 2012

යුධ අපරාධ....!!!



මුලින්ම කියන්න ඕනෙ සංශෝධනවාදී වෙනව කියන්නේ පවතින ක්‍රමය තුළ, සිදුවන නිශ්චිත වැරදදක් වැරදියි කියල ඒක නිවැරදි කිරීමට බල කිරීම නෙවේ. 
මේ ප්‍රශ්නය දිහා බලන කොට කෝණ දෙකක් භාවිතා වෙනව. 
- 1) මම විශ්වාස කරන "නිවැරදි ක්‍රමය" ක් තුළ දේවල් සිදු විය යුත්තේ කෙසේද්?? ඒ නිවැරදි ක්‍රමයට යාම(ක්‍රමය වෙනස් කිරීමට ) නැමැති මාර්ගයේදී (වැඩ පිළිවෙලේ), අදාළ සිද්දියට (යුද්ධය/ යුධ අපරාධ ) සංවේදී ව්න්නේ කෙසේද?
-2) ක්‍රමය වෙනස් විය යුතු බව විශ්වාස කරමින් සිටින අතර, නමුත් අදාළ සිද්ධිය (යුද්ධය/ යුධ අපරාධ ) හුදකලා ලෙස ගනිමින් එය විසඳීමට, එයට අප බලාපොරොත්තු වන උතුම් සමාජයකදී මෙන් 100% නිවැරදි විසඳුම ඉදිරිපත් කිරීම තුළින් ගොඩදැමීමට උත්සහ ගන්නේ කෙසේද?

මෙහි දෙවැන්න සන්ශෝධනවාදී වන අතර එසේ, පවතින ක්‍රමය තුළ යම් එක් ගැටළුවකට/සංස්ථාවකට හුදකලා ලෙස විසඳුම් ඉදිරිපත් කිරීමෙන් ක්‍රම වෙනසකට යා නොහැකි වන අතර පවතින ක්‍රම උගුලේ අපද සිර වෙනු ඇත.

පළමු ක්‍රමය තුළ ප්‍රශ්නයට සංවේදී වෙනවා නම් මට හැඟෙන්නේ මෙසේය...
- ලංකාවේ "ජාතික ගැටළුව" නම් වූ ප්‍රශ්නයක් පැවතිණි. ඒ වනාහී ධනපති පාලකයන් විසින් තම බලය රැක ගනු වස් හිතාමතාම ජාතීවාදී ප්‍රශ්නයක් නිර්මාණය කිරීමයි..
- මෙහිදී සින්හල හා දෙමළ ධනපති නායකයන් තම තමන්ගේ ජාතීවාදයන් වෙන වෙනම භාවිතා කළ අතර බහුතරය වූ සිංහල ධනපති පාලකයන්ගේ ක්‍රියාකලාපය ප්‍රමාණාත්මකව ඉහළින් පැවතිණි.
- ඒ අනුව දෙමළ ජාතියට තමන් දෙමළ වීම නිසා විඳීමට සිදුවන අකටයුතුකම් වලට(සරලව ගත්තොත් එය එසේ විය ) මුහුණ දීමේ ප්‍රතිඵලයක් ලෙස දෙමළ ජාතීවාදී හා බෙදුම්වාදී ව්‍යාපාර බිහිවිණ. ඒවා දෙමළ ජනයාගෙන් විහි වූ ස්වභාවික අරගලන් වූ නමුත් අධිරාජ්‍යවාදීන් විසින් එය අධිරාජ්‍යවාදී උවනමාවන් වෙනුවෙන් කළමනාකරණය කිරීමෙන් එය සංකීර්ණ තත්වයකට පත් විණ.
- එනම් සරලව ගත්තොත් පිරභාහරන් නැමැති තරුණයා අවි අතට ගන්නේ ඔහුට දැනෙන ඇත්ත පීඩනයට එරෙහිව වූ නමුත් නොර්වේ සමග සාකච්ඡා මේසයට එන පිරභාහරන් යනු හුදෙක් ඒ සරල පීඩනයෙන් දෙමළ ජනයා මුදාගන්නා වීරයාට එහා ගිය රූකඩයක් බව තේරුම් ගත යුතුය.
- ඒ අර්ථයෙන් ගත් කල, ක්‍රමය වෙනස් කිරීමට යන මාවතක, 2005 යනු ප්‍රභාකරන් පැරදවිය යුතු ලක්ෂ්‍යකි. ඒ සඳහා යුද්ධ කල යුතුව තිබිණි. යුද්ධ කෙරිණි. මේ ක්‍රමය යටතේ යුද්ධ කියන්නේද ක්‍රමය අවුල උපරිමව පෙන්වන සධකයක් බැවින්, "යුධ අපරාධ" සිදු වීම අනිවාර්යයි. නමුත් එය සිදු විය යුතු නොවේ. එම අනිවාර්‍ය වැරැද්ද සිදු නොවී යුද්ධයක් කළා නම් මාරය. එය අපවද කම්පනය කරනු ඇත. එසේ කළ ආකාරය විමසීමට අපටද සිදු වනු ඇත.
-ඒ අනුව යුධ අපරාධ සිදු විය. එය වැරදිය. දැන් සිද්ධිය දෙස මා බලන පළමු කෝණයට අනුව, වැරැද්දට මේ ක්‍රමය තුළ කළ යුතු වන්නේ කුමක්ද?? ක්‍රම වෙනසක් බලාපොරොත්තු වන අපගේ වගකීම කුමක්ද?? වැරැද්ද වෙනුවෙන් අප ගන්න ක්‍රියා මාර්ගය ක්‍රමය වෙනස් කිරීමේ මාවතට සමගාමී කරන්නේ කෙසේද??? බරපතල ප්‍රශ්නය එයයි...


සිදු විය යුත්තේ මෙතෙක් කල් ක්‍රමය වෙන්ස් කිරීමේ මාර්ගයට දෙමල ජනයාට පැමිනීමට අවහිරව තිබූ බාධක ඉවත් කර ජාතීවාදයට එරෙහි හා දෙමළ ජනයාගේ විශ්වාසය දිනා ගත හැකි ක්‍රියාමාර්ග තුළින් දෙමල ජනයාද ක්‍රමය වෙනස් කිරීමේ අරගලයට සම්බන්ධ කර ගැනීමයි..
- ඒ සඳහා අනිවාර්යෙන්ම මේ මොහොතේ වැඩි බරක් ඔවුන් මත තැබීම ඉතා නිවැරදි වා අතර ඒ තුළින් ජාතිකත්ව සහජීවනය ගොඩනගමින් අපි සියල්ලම එකයි කියා තහවුරු කළ යුතුය..
- නමුත් ගෙවී ගිය හෝරාවන් ඉතා ධරුණු ඌ බැවින් ඉතා ඉක්මනින් ඔවුන් තුළ විශ්වාසයක් ගොඩ නැගීම අපහසුය. නමුත් අවම වශයෙන් (ඊට් වඩා වැඩි යමක් විය යුතුය ) යුධ අපරාධ ගැන සොයා බලා තරාතිරමක් නොමැතිව ඊට දඬුවම් දීමට බල කිරීම තුළින් ප්‍රජාත්ත්‍රවාදී සිහිනයක කිරනයක්වත්(අවම වශයෙන්) ඔවුනට ලබා දිය යුතුමය... 
- යුධ අපරාධ සිදුවිය. එනම් පැසවා තිබූ තුවාලයක් මතට අළුතෙන් තවත් විශබීජයක් ඇතුල් විය. තුවාලය හොඳ කිරීමට ප්‍රථම අළුතෙන් ආ විෂබීජය මර්ධනය කිරීම වෙනුවෙන් නගන හඬ විසින්, තුවාලය හොඳ කරගැනීමට නව බලාපොරොත්තුවක් ඔවුන් මත ජනිත කරවයි. 
- රජයට එම තුවාලය තබා තුවලය වටේ කබොල්ල එවත් කිරීමටවත් උවමනාවක් නැත. එවැනි යමක් ඔවුන්ගේ න්‍යාය පත්‍රයකට වැරදිලාවත් වැටෙන්නේ නැත. නමුත් එසේ කිරීමට බල කිරීම අපගේ වගකීම වේ. එසේ විය යුතු බව විශවාස කිරීම අපේ වගකීම වේ. මන්ද අප සිටින තැනට උතුරේ දෙමල ජනයාද සිටිය යුතු බැවින්. 

No comments:

Post a Comment