Thursday, October 7, 2010

"ධවලෝදර" තවම නිදි නැත....!!!

කලකට බොහෝ පෙර..
කොල්ලෙකි නමින් "ධවලෝදර"..

කෙලි දොලෙන්
සමගින් යහලුවන්
අකුරු කරමින්
ගුරුගෙදරින්...


ගුරු ගෙදර දෙපිලකි..
වමෙන් අසුන් ගන්නා
රොඩී දඟ කොල්ලන්ය..
අනෙක් පස ඉන්නා
ආරච්චි නිලමේ පුතුන්ය..
වමට අව සැළකිලි
කාසි නැති තව සුදු පිලි..

අවැඩ මේ නොඉවසූ..
ධවලෝදර කොලූ..
කෑ ගසා බුරමින්
ඉල්ලීය සමතැන්
වීරයෙකු මෙන්..

ඒ දුටු නෝනා වල්ව්වේ 
අත දී කොලුවාට මහත් සේ..
කඩේ යවමින්
සනසවා..
නොවේ පනණක් ධවලෝදර

කොඳු නැති වමේ ගැට්ටම...
තනතුරු පුදා
උන් සමග නිදා..

ගත වී බොහෝ කල්
නෝනාගේ ඇවෑමෙන්..
දෝණී සමග පෙමින්
ගම කරවීය..
ඉඳ හිට..
දුවන පනින වැස්සියකට
කරන්නට ගොස් අතවර..
ගම කෑවේය..

කලින් කල..
දකුණු පිල රුචි විය..
වාචාල (අධෝ) මුඛයට..
නිම් හිම් නැති විය..
දඬු කඳේ ලෑවේය..
වරෙක ලීවේය..
ඇදගෙනම නෑවේය..

කල් ගත වී
ගම වෙනස් වී..
වෙනස් ඌ වලව්වක
අමුතුම සිරියකි..
ආරච්චිලා නලුවෙකි..
අභිමන් පියෙකි..
නමින් "මහරජ"..

අපේ මේ කොලූ
නලවා ළඟට ගෙන රජූ...
පිදී මහ තනතුරූ..
උඹයි මැති "ගෙදර ගුරු"..

දණ ඔබා වැඳ
පසඟ පිහිටුවා..
මහරජතුමා හට
ගැත්තෙකු ලෙසින් නිවට..
ඇරඹීය වැඩ ගුරු ගෙදර
ගම කෑ අපේ ධවලෝදර..

සැලසුම පිට ගමෙන්
ගෙන ආ දකුණු පිලෙන්
දිග හැර 
සිනා සී 
උමතුවෙන්..
අඬබෙර ගැසී
"පොදු ඉපැරණි ගුරු ගෙදර
මදිය හොඳ නැත කරනට අකුර
හොඳ හොඳ පොෂ් ගෙවල් ගුරු
ඇරඹේ විසින් මුදලාලිලා මරු
විකුණනු ලැබේ ගුරු ගෙදර
ඈවරයි...!!! "

හුදී ගං ජනයා
කරකවා අත හැර
විසිපතව
මහරජගේ රඟින් උන්මාදව
දොඩති විහිලු
"ගුරු ගෙදර දඟ කලාට
කොල්ලන්ට හොඳ වැඩේ.."

ධවලෝදර බිහිසුනූ..
තලති කොල්ලන්ට විසිවෙන තරූ..
නමුදු 
නිදි වර්ජිතව
කල්පනාවක..
කෙලෙස කොපමණ
තව තලන්නද..
මුන් නැගිටීවි...

ගුරු ගෙදර නිසලය..
හුදී ජනයා නිදිය..

ගැටව් ඇහැරෙන තුරු...

ධවලෝදර තවම නිදි නැත....!!!

No comments:

Post a Comment