Thursday, October 7, 2010

ඇගේ සොඳුරු මරණය..!!

වක් ඌ දෙබැමි යට
චණ්ඩ නෙත් අහිංසක
විචාරයි මාන..
පතමින්
ඇගේ මරණය
සොඳුරු..!!

තදින් අත් සිරකොට
ත්වරණ ධන රිණ රිද්මිත
සුසුම් ලන වේග..
විඳිමින්
හිතක් ඇති සේ
නපුරු..!!

කඳුලින් තෙත්ව
විලාප දෙමින්
ඇගේ ආයාචනය..
මරා දමන ලෙස
"ඈ"
පහර දී ඉක්මනින්
කෙලෙස දරන්නද
මලය මත
පහුරු..!!

එක් සිත්ව
එකඟ වෙමි
හිමිකරන්නට
"සොඳුරු මරණෙන්" මතු
"ඈට"
මගේ
ඉසුරු..!!

lලෙයින් තෙත්වන
නමුදු ඈ වත
වෙහෙසමින් මා
අයදිමින්..
ඇගේ මරණය
රුදුරු
නැති මුත්..
සොඳුරු..!!

No comments:

Post a Comment