Monday, December 12, 2011

මැදිවියේ දිරිය...


නිරීක්ෂණය:-


සෙනග බෝ නැත
දෙපෙළ හිටුවා බසේ
හුදකලා එක තැනක
කෙල්ලෙකී හරි විසේ


ආශාව මැඩ දැමූ
ලැජ්ජාව හරි උසේ
ළංවෙන්න දිරිය නැත
කොල්ලන්ට දහ අටේ


එක්වරම ගොඩවැදුනු
විය පැසුණු ඒ ඇසේ
කුරුමාණ නැවතුනේ
නාම්බිය සිටි දෙසේ


නීවරණ පසෙක ලා
දිරිය ගෙන හරි තොසේ
ඇදිණි ඇගෙ පිටුපසට
පාරමී පුරන සේ..


නිගමනය :-


හැඩි දැඩි පිරිමි
මැදි වයසේ
පරිණතය වීර
දිරිමත්ය බෝසේ..

No comments:

Post a Comment