Saturday, January 29, 2011

පරාග නැති මල්..


අභිමන් නළු රජ
සමගින් කඩේ යන
ගැති මාධ්‍ය නඩ
එක්කලා හුදී ජන

ශ්‍රීමත් අපේ රට
පොල් ගියත් හැට පහට
වැඩක් නැති කිසිවකට
ගඟකි පෙණ පිඬු නොනගින

ලෝ අග සංස්කෘතිය
කියමින් උදම් අනමින
රජු ළඟ දනින් වැටෙමින
දෙන දේ කකා හිටපිය

සිදුහත් කුමරු ආවොත්
දාහක් නිමිති මෙහි වෙත්
බැරි වෙලාවොත් දුටුවොත්
සිනා සිසීම බුදු වෙත්

දහමින් හික්මවා හදන
පරපුරම තැන්පත්ය මොටය
රැඩිකල් වීම අකැප
පරාග නොමැති මල...

No comments:

Post a Comment