කප් රුකක පල නෙලා ගෙන රුදු
වියළි අස්තර අතු ගගා වැදු
කැටයමින් ඇගෙ පළඳින්න සිතු
බොඳ වෙනා මගෙ කඩුක්කං මුදු...
ආල ආකුල දහර රිද්මිත
රියන් සිවු දිග ගලා විත් තව
ටික දොහක් පෙණ නැගූ ගඟුලට
බිඳ හෙලූ ගල් පර අමතකද...
විරහවෙන් විප්‍රයෝගය වෙත
ඇද හැලෙන දිය ඇලි සොඳුරු වෙද
නෙත් දියෙන් නහවා සීත කළ
කඩූක්කන් මට සමා උව මැන...!!!
--සුකී..--
No comments:
Post a Comment